ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    2024 වසර ව්‍යවසායකත්වයේ වසරයි - විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර

    දෙසැම්බර් 27, 2023

    2023 වසර ශුභසාධන වසරක් ලෙස සලකමින් ශුභසාධන වෙනුවෙන් කටයුතු රාශියක් සිදු කරන ලද බවත්, එළැඹෙන 2024 වසර ව්‍යවසායකත්වය වෙනුවෙන් වෙන් කරන බවටත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගිය දා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ විදේශ රැකියා අංශයේ දකුණු පළාතේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන නිළධාරීන්ගේ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමිනි.

    ලංකා ඉතිහාසයේ වැඩිම ශ්‍රී ලාංකිකයින් පිරිසක් රට යැවුණු වසර ලෙස 2022 සලකන්නට හැකි බවත් එම වසරේ දී 312,000ක ශ්‍රම බළකායක් විදේශ ගත කිරීමට හැකි වූ බවත් හෙතෙම මෙහි දී පැවසීය.

    ඒ අනුව 2023 වසර ශුභ සාධනය වෙනුවෙන් වෙන් කරන ලද අතර 2024 වසර ව්‍යවසායකත්වය වෙනුවෙන් යෙදවීමට බලාපොරොත්තු වන බව හෙතෙම මෙහි දී අවධාරණය කළේය.

    මේ වන විට සංචාරක වීසා වලින් විදේශ ගත වීම විශාල ගැටළුවක් බව ද හෙතෙම මෙහි දී පවසන ලදී.

    ඒ අනුව හැකි තරම් දැනුවත් කිරීම කරන ලෙස නිළධාරී මහත්ම මහත්මීන්ට මෙහි දී අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් අතර මේ සම්බන්ධව කොපමණ දැනුවත්කිරීම කළ ද වංචාවෙන් රට යැවීම සිදු කරන්නන්ට මිනිසුන් අහුවෙන බවත්, ඇතැමුන් ගුවන්තොටුපොලෙන් අහුවෙන බවත්, ඔවුන් වැරදි ක්‍රම වලින් රට රැකියාවට යැවීම වැළක්වීමට මිනිසුන් දැනුවත් කිරීමවැදගත් වන බව හෙතෙම මෙහි දී පැවසීය.

    මේ දිනවල තැන්තැන් වල විදේශ ගත වීම වෙනුවෙන් මුදල් ලබා දීම සම්බන්ධව ද අමාත්‍යවරයාගේ අවධානය දැඩිව යොමු වී තිබේ.

    ඒ අනුව කිසිම විදේශ රැකියාවකට අතරමදියෙකුට මුදල් ගෙවීම සිදු නොකරන ලෙසට හැකිතරම් දැනුවත්වීම් සිදු කරන ලෙස හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya