ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසුන් රුසියාවෙන් හිමි වූ ශිෂ්‍යත්වයේ අධ්‍යයන කටයුතු අරඹයි.

    දෙසැම්බර් 27, 2023
    හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට රුසියාවේ ජාත්‍යන්තර පාසල් අන්තර්වාර ආයතනය මගින් පිරිනැමුණු සුවිශේෂී ශිෂ්‍යත්වයකට අනුව විද්‍යාලයේ සිසු සිසුවියන් පස් දෙනෙකු, ගුරුවරුන් දෙදෙනකු සහ සිසුන්ගේ දෙමාපියන් නියෝජනය කරමින් භාරකරුවෙකු පසුගියදා රුසියාවේ මොස්කව් නුවර බලා පිටත් විය.
    මාස තුනක කාලයක් වෙනුවෙන් පිරිනැමුණු මෙම විශේෂ ශිෂ්‍යත්වය තුලින් රුසියානු භාෂාව,සංස්කෘතිය සහ ජාත්‍යන්තර අධ්‍යයනයන් ඇතුළු සුවිශේෂී අංග රැසක් ඇතුළත් වැඩසටහන් මාලාවකට එක්වීමේ අවස්ථාව මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසු දරු දැරියන්ට හිමිවේ.
    මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නිර්මාතෘ, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය දා රුසියාවේ කළ සංචාරයේදී කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් (Levan Dzhagaryan) මහතාගේ සහ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මියගේ සම්බන්ධීකරණයෙන් මහින්ද රාජපක්ෂ විද්‍යාලයට මෙම සුවිශේෂී අවස්ථාව හිමිව තිබේ.
    මෙවැනි ආකාරයේ විදේශ ශිෂ්‍යත්වයක් මහින්ද රාජපක්ෂ විද්‍යාලයට හිමිවූ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙරට දරුවන්ට ජාත්‍යන්තර අධ්‍යාපනය පිළිබඳ අවබෝධයක් ලබා දීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කරමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ලබා ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ.
    සුපුරුදු අධ්‍යාපන රටාවෙන් ඔබ්බට යමින් සංවර්ධිත රටක අධ්‍යාපන රටාව පිළිබඳ අත්දැකීම් ලබා ගන්නවා මෙන්ම එහි භාෂාව,සංස්කෘතිය, ජීවන රටාව පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමට ද සිසුන්ට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම ශිෂ්‍යත්වය හැඳින්විය හැක. ඒ තුළින් ඔවුන්ගේ අනාගත අධ්‍යාපන සහ පෞරුෂත්ව සංවර්ධනය වෙනුවෙන්ද විශාල පිටුවහලක් හිමිවනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya