ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    බෙලිඅත්ත සහ අනුරාධපුරය අතර විශේෂ දුම්රිය සේවාවක්

    දෙසැම්බර් 28, 2023

    අනුරාධපුර රුවන්මැලි  මහාසෑය අභියසදී පැවැත්වනු ලබන ආරියවංශ දේශනාව වෙනුවෙන් බෙලිඅත්ත සහ කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ගමන් කරන බැතිමතුන් සඳහා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට සැළසුම් කර ඇතැයි දුම්රිය මූලස්ථානය සඳහන් කරයි.

    එම විශේෂ දුම්රිය එළඹෙන 30 වනදා පෙරවරු 4.15 ට බෙලිඅත්තේ සිට ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය පස්වරු 1.10ට අනුරාධපුරයට ළඟාවීමට නියමිතයි.

    මෙම පිංකමට සහභාගී වූ පිරිසට යළි පැමිණීම සදහා ලබන 31 වනදා පෙරවරු 09.30ට අනුරාධපුරයෙන් විශේෂ දුම්රිය ගමන් ආරම්භ කිරීමටයි සැළසුම් කර තිබේ.

    මීට අමතරව මහනුවර සිට මෙම පුණ්යකර්මය සඳහා සහභාගීවන බැතිමතුන්හට මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙ.ව. 6.50 ට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1036 දුම්රියෙන් පොල්හහවෙල දුම්රිය ස්ථානයට පැමිණ මෙම විශේෂ දුම්රියෙන් අනුරාධපපුරය දක්වා ගමන් පහසුකම් සලසා ඇති බව ද එම මූලස්ථානය පවසයි.
    2023.12.30 බෙලි අත්ත සිට අනුරාධපුරය දක්වා ධාවනය වන විශේෂ දුම්රිය
    බෙලිඅත්ත පිටත්වීම පෙ.ව. 04.15
    කොළඹ කොටුව පිටත්වීම පෙ.ව. 08.15
    පොල්ගහවෙල පිටත්වීම පෙ.ව. 09.40
    අනුරාධපුරය ළඟා වීම ප.ව. 13.10
    2023.12.31 අනුරාධපුරය සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන විශේෂ දුම්රිය
    අනුරාධපුරය පිටත්වීම පෙ.ව. 09.30
    පොල්ගහවෙල පිටත්වීම ප.ව. 12.30
    කොළඹ කොටුව පිටත්වීම ප.ව. 15.10
    බෙලි අත්ත ළඟා වීම ප.ව. 19.20
     

    එම නිවේදනය පහත දැක් වේ.

    413950257 924682405884962 5073288884398948242 n

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya