ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    රජයට අයත් පොහොර සමාගම් දෙක ලාබ ලබයි

    දෙසැම්බර් 29, 2023

    රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම 2023 වසර තුළ රුපියල් මිලියන 480ක ශුද්ධ ලාබයක් උපයා තිබේ.

    ඒ අනුව කොළඹ කොමර්ෂල් සමාගම රුපියල් මිලියන 360ක් හා ලංකා පොහොර සමාගම රුපියල් මිලියන 120ක් වශයෙන් ද ලාබ උපයා ඇත.

    මෙම පොහොර සමාගම් දෙක තුළින් පොහොර සැපයීම ඇතුලු ගොවි ජනතාවට ලබා දෙන සේවාවන් තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (28) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විනි. එම අවස්ථාවට සහභාගි වූ රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා මෙම වසර තුළ රුපියල් මිලියන 480ක ශුද්ධ ලාභයක් ඉපයීමට හැකිව ඇති බව අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

    එමෙන්ම රජයට අයත් පොහොර සමාගම් දෙක උපයන ලද ආදායම පදනම් කර ගනිමින් සියලුම සේවක පිරිස් වෙත දිරි දීමනාවක් පිරිනැමීම ද ඊයේ අමාත්‍යවරයා අතින් සිදු කෙරිනි. මේ සඳහා රුපියල් මිලියන 20ක් වෙන් කර ඇති අතර මෙම සමාගම් දෙකේම සේවය කරන 420ක් පමණ වන සියලුම සේවකයින්ට මාස දෙකක මුලික වැටුපට සමාන දිරි දීමනාවක් පිරිනැමීමට පියවර ගෙන ඇත.

    දැනට මෙම පොහොර සමාගම් දෙක මගින් කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර සැපයීම සිදු කරන අතර එම කටයුතු තවදුරටත් පුළුල් කරමින් පලිබෝධනාශක අලෙවිය සඳහා ද කටයුතු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සමාගම් දෙකෙහි සභාපතිවරයාට උපදෙස් දුන්නේය. ඒ සඳහා අණපනත් සංශෝධනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පියවර ගැනීමට රජයේ සහයෝගය ලබා දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන්ම ඉදිරියේ දී රජය පොහොර සැපයීමේ වැඩපිළිවෙලින් ඉවත් වන නිසා මෙම සංස්ථා දෙක පුද්ගලික අංශය හා තරගකාරීව පොහොර සැපයීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    දැනට පුද්ගලික සමාගම්  කෘමිනාශක හා වල්නාශක  ඉහළ මිල ගණන් යටතේ අලෙවි කෙරේ.මෙම ව්‍යාපාරයේ ඇති ඒකාධිපති තත්ත්වය අහෝසි කිරීමට රජයේ මැදිහත්වීම යටතේ තරගකාරිත්වයක් ඇති කළ යුතු අතර ඒ සඳහා ඇති හොඳම විකල්පය පොහොර සමාගම් දෙක යටතේ පළිබෝධ නාශක අලෙවිය සඳහා කටයුතු කිරීම බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

    දැනට පළිබෝධ නාශක අලෙවියේ දී සියයට 18-20 අතර කොමිස් මුදලක් ලබා දෙන බැවින් ගොවි ජනතාවට සියයට 12ක පමණ සහන මිලකට පළිබෝධ නාශක ලබා දිමට හැකියාව ලැබේ. ඒ නිසා රජයට අයත් පොහොර සමාගම් දෙක එහි ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya