ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයෑමේ අනතුරු ඇගවීම් දීර්ඝ කරයි

    දෙසැම්බර් 29, 2023

    දිස්ත්‍රික්ක කිහිපයකට අද(29) පස්වරු 2.30 දක්වා බලපැවැත්වෙන පරිදි නායයාමේ පූර්ව නිවේදන නිකුත් කර තිබේ.

    ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල , හාලි ඇල, සහ බණ්ඩාරවෙළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිල්ලෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණතොට සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත.

    එසේම මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර , මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම , මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම , සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට විමසිල්ලෙන් පසුවන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya