ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය සහ තිරසාරීත්වය වර්ධනය කිරීමේ අරමුණෙන් පැවැත් වූ වැඩමුළුව

    දෙසැම්බර් 30, 2023

    රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය සහ තිරසාරීත්වය වර්ධනය කිරීමේ අරමුණෙන් සංවිධානය කළ වැඩමුලුවක් ඊයේ (29) කොළඹදී පැවැත් විණි.

    උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්‍ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ රාජ්‍ය නොවන අංශය මෙම වැඩමුලුව සංවිධානය කර තිබිණි.

    රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල කුලපතිවරුන් , මහාචාර්‍යවරුන් ඇතුලු එම අධ්‍යාපන ආයතනවල නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.මෙම වැඩමුලුවේ ආරාධිත දේශනය අධිකරණ ,

     බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්‍ය විජේදාස රාජපක්ෂ මහතා සිදු කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අධ්‍යාපනය සඳහා සැමට සමාන අවස්ථාවන් ලබා දී ඇති බවත් රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවලින්ද පිළිගත් උපාධියක් ලබා දීමට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එසේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වන බවත් එම ප්‍රතිසංස්කරණ යටතේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 10 වසරෙන් සහ අධ්‍යයන පොදු සහතික  පත්‍ර උසස් පෙළ විභාගය 12 වසරෙන් පැවැත්වීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එසේම මෙම ප්‍රතිසංස්කරණ යටතේ පුර්ව ළමාවිය සංවර්ධන වැඩසටහන් සඳහා වැඩි අවධානයක් ලැබෙන ව්‍යාපෘති සකස් කළ යුතු බවත් දියුණු රටවල මේ සඳහා වැඩි අවධානයක්  යොමු කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. මෙම වැඩමුලුවට සමගාමීව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන්.‍රණසිංහ මහතාගේ ස්ථානමාරුව වෙනුවෙන්  උපහාර පිදීමේ අවස්ථාවක් ද පැවැත්විණි.ඒ මහතා අධිකරණ , බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ජනවාරි 1 වැනිදා වැඩ භාරගැනීමට නියමිත වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya