ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය සාර්ථකව නිමාවට පත්වේ

    දෙසැම්බර් 30, 2023

    කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත දින තුනක් ගාල්ල සමනල ක්‍රිඩාංගන පරිශ්‍රයේදී අති සාර්ථකව ක්‍රියාත්මක වූ “Industry 2023 Galle Edition” දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය නිමාවට පත්කරමින් එහි සමාප්ති උත්සවය කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් මහා දිසාපති ශාන්ත වීරසිංහ මහතා සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඇතුළු සම්භාවනීයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

    උත්සව සභාව අමතමින් කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කළේ ප්‍රදර්ශනය සදහා සහභාගී වූ සියළුම ව්‍යවසායකන් සහ අනුග්‍රහය දැක්වූ අනුග්‍රහක භවතුන් වෙත ස්තූතිවන්ත වන බවත් මෙවැනි ප්‍රදර්ශන සංවිධානය කිරීම වෙනුවෙන් ලංකා කාර්මික මණ්ඩලයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය අගය කර සිටින බවත්‍ ය. එමෙන්ම අපනයන කේන්ද්‍රීය නිශ්පාදන ආර්ථිකයක් ගොඩ නැංවීමේ අරමුණින් ආරම්භ කරන ලද වැඩසටහන් මාලාවේ එක් පියවරක් ලෙස මෙම කර්මාන්ත ප්‍රදර්ශනත් තවත් පියවරක් ලෙස පාසල් ළමුන් තුළ ව්‍යවසායකත්ව සංවර්ධනය උදෙසා ආරම්භ කළ පාසල් ව්‍යවසායකත්ව වැඩසටහනත් හැදින්විය හැකි බවත් එතුමන් පැවසීය. තවද දිස්ත්‍රික්ක තුනක් මුල් කර ගනිමින් කර්මාන්තපුර ඇති කිරිමත්, Industry Ceylon ත්‍රෛයි මාසික කර්මාන්ත සගරාව ආරම්භ කිරිම සහ Peo Tv 130 ඔස්සේ විකාශය කිරීමට " INDUSTRY TV" නාලිකාව ආරම්භයත් කර්මාන්ත සහ ව්‍යවසායකයන් ප්‍රවර්ධනය උදෙසා සිදු කළ බව කර්මාන්ත අමාත්‍යතුමන් වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට එක්වූ ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා සදහන් කළේ, අපනයනය අරමුණු කොට ගත් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙම ප්‍රදර්ශනය විශාල පිටුවහලක් වන බවත් එය හුදෙක් භාණ්ඩ අලෙවිය පමනක් නොව තාක්ෂණය මෙන්ම ව්‍යවසායකත්වයට අවශ්‍ය සම්බන්ධතා ගොඩ නගා ගැනීමට අත්වැලක් වන බවයි. එමෙන්ම මෙම කර්මාන්ත ප්‍රදර්ශනය නිසාවෙන් මුළු ගාල්ල නගරයම අද ප්‍රදර්ශන භුමියක් වී ඇති බවත් මෙවන් පසු බිමක් තුළ මෙම ආර්ථික අර්බුදයෙන් මිදීම වැඩි ඇතක නොවන බවත් එතුමා වැඩිදුරටත් පැවසීය.

    මෙහිදී කර්මාන්ත සංවර්ධන අරමුදල ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද ලොතරැයි දිනුම් ඇදීමේ ජයග්‍රාහකයන් තෝරාගැනීම සිදු කෙරුණු අතර එහි ප්‍රථම ත්‍යාගය සදහා ලුමාලා ආයතනයත් දෙවන සහ තෙවන ත්‍යාග සදහා කල්හාරි එන්ටර්ප්‍රයිසස් ආයතනයත් අනුග්‍රහය දැක්වීය. එමෙන්ම මෙම දකුණු පළාත් කර්මාන්ත ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීම සදහා දායක වූ අනුග්‍රාහක ව්‍යාපාර ආයතන සදහා සමරුඵලක ප්‍රදානයද කර්මාන්ත හා සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතින් සිදු කෙරුණී.

    මෙම අවස්ථාවේදී කර්මාන්ත ප්‍රදර්ශනයට සහභාගී වූ ව්‍යවසායක මහත්ම මහත්මීන් සදහා සහභාගීත්ව සහතික පිරිනැමීමද සිදු කෙරුණී.

    මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ලංකා කාර්මික මණ්ඩලයේ නිළධාරින් ඇතුළු සියළුම කාර්ය මණ්ඩලය, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිළධාරින්, කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya