ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉංජිනේරු අංශයේ අධීක්ෂණ කටයුතු සඳහා උපදේශකවරක් පත් කෙරේ

    ජනවාරි 02, 2024

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉංජිනේරු අංශයේ අධීක්ෂණ කටයුතු සඳහා උපදේශකවරයෙකු වශයෙන්, ජගත් රංජන් පෙරේරා මහතා, ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පත්කර තිබේ.

    ලංකා ගමනා ගමන මණ්ඩලයේ පළමු ශ්‍රේණිය විධායක නිලධාරියකු වශයෙන් සේවය කළ ජගත් රංජන් පෙරේරා මහතා හට දිවයිනේ සියලුම ඩිපෝවල ඉංජිනේරු අංශ අධීක්ෂණය කර කාර්ය සාධනය ඉහල නැංවීමට කටයුතු කිරීම, ඩිපෝ ඉංජිනේරු අංශවල ගබඩා විධිමත් ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය යෝජනා සකස් කර ඒ ඒ ඩිපෝවලට උපදෙස් නිකුත් කිරීම සඳහා ප්‍රාදේශීය වශයෙන් යෝජනාවලියක් සැකසීම සහ වර්ෂය තුළ එම වැඩසටහනක් කිරීමට සහා අධීක්ෂණය, ගර්භිත බස් රථ හා අබල ද්‍රව්‍ය නිසි ලෙස එක් රැස්කොට ඩිපෝ මට්ටමින් එම සියලු දෑ පිළිබඳ වාර්තාව මාස හයක කාලයක් තුළ ප්‍රධාන කාර්යාලට ලබාදීමට ඩිපෝ කළමනාකාරීත්වය සමඟ කටයුතු කිරීම ඇතුළු වගකීම් රැසක් මේ යටතේ පැවරී තිබේ.

    මෙම පත් කිරීමට අදාල ලිපිය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අමාත්‍යංශ කාර්යාලයේදී ඊයේ (01) ඒ මහතා වෙත පිරිනමන ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya