ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ලබන වසරේ රට පුරා ග්‍රාමීය සංවර්ධන සහ ප්‍රජා සංවර්ධන වැඩසටහන්

    ජනවාරි 02, 2024

    2025 වසර වනවිට ලංකාව පුරාම සංවර්ධන බල ප්‍රදේශවල  දස අවුරුදු බහු කාර්ය ග්‍රාමීය සංවර්ධන හා ප්‍රජා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ(01)  පැවති උත්සවසවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේය. 2024 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් මෙම උත්සවය පැවැත්විණි.

    වැඩිදුරටත් අදමස් දැක් වු අමාත‍්‍යවරයා සදහන් කළේ, මෛ සංවර්ධන ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 10,000ක් වෙන් කර ඇති බව සදහන් කල අමාත්‍යවරයා ආර්ථික සහ දේශපාලන වශයෙන් බරපතළ අවදානම් රැසකට රට ජනතාව මුහුණදී සිටින මෙම අවස්ථාවේ දී  එය යථා තත්ත්වයට පත්විමට  යම් කාලයක් ගත වන බවත්,  මේ අවදානම් සහගත තත්ත්වය ඉතාම කෙටි කාලයකින් පහව යාවි යැයි අප රජයක් ලෙස දැඩිව විශ්වාස කරන බව කීය.

    රට හා ජනතාවගේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සුවිශේෂි වැඩ කොටසක් සිදුකරන බවත්, විශේෂයෙන්ම මෙය රටේ සංවර්ධනයට ඍජුවම වග කියන ආයතනයක් බව සදහන් කළේය.

    2024 වසර සඳහා මෙම අමාත්‍යාංශයට අයවැය මගින් රුපියල් මිලියන 23,412ක් වෙන් කර තිබෙන බවත්,නිවාස සංවර්ධනය සඳහා රුපියල් මිලියන 7,650ක් කසළ කළමනාකරණය හා පරිසර ආරක්ෂණය සඳහා රුපියල් මිලියන 7,790ක් වෙන් කරලා තිබේ. පූනරීන් නගර සංවර්ධනය කදුරට දශකය ඒකාබාද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන, අවතැන් වූවන් සඳහා නිවාස ඉදිකිරීම, බණ්ඩාරවෙල තොග එළවළු මධ්‍යස්ථානය දියුණු කිරීම සහ විසල් මිහින්තලය සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 11,450ක් වෙන් කර තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ ය.

    මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද මහතා ඇතුළු නිලධාරීන් හා සේවක පිරිස ද සහභාගි විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya