ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    යල කන්නයේ රසායනික පොහොර සඳහා වැට් බදු ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය

    ජනවාරි 02, 2024

    ලබන යල කන්නයේ දී රසායනික පොහොර සඳහා VAT බදු ඉවත් කිරීමට රජයේ අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර තිබේ.

    මෙවර මහ කන්නයේ වගාවන් සදහා අවශ්‍ය සියලු රසායනික පොහොර මේ වනවිට රට තුළට ගෙන්වා ඇතිතේ පැරණි මිල ගණන්වලටය. ඒ සඳහා වැට් බදු අය කිරීමක් සිදු කර නැති හෙයින් දැනට රට තුළ අලෙවි කරන යුරියා, MOP, TSP වැනි රසායනික පොහොර සඳහා වැට් බදු එකතු කර පොහොර මිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දේ.

    හෙතෙම මෙම කරුණු අවධාරණය කළේ සුරියවැව විහාරගල ගම්මානයේ ගොවි පවුල් සඳහා පොල්පැළ බෙදා දීමේ වැඩසටහනකට සහභාගි වෙමිනි. හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක විශේෂ පොල් වගා කළාපය සඳහා අවශ්‍ය පොල්පැළ බෙදා දීමේ වැඩසටහනේ එක් අදියරක් විහාරගල දී පැවැත්විනි.

    ඒහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා,

    වැට් බදු ඉහළයාම නිසා භාණ්ඩ මිල ඉහළ යනු ඇතැයි මේ දිනවල සමාජය තුළ විශාල කතිකාවතක් පවතිනවා. ඇතැම් භාණ්ඩවල මිල ඉහළයාමක් සිදුවිය හැකියි. නමුත් අපි රජයක් වශයෙන් මේ බදු පනවන්නේ සතුටින් නොවෙයි නමුත් මේ රට ආර්ථික වශයෙන් නැවත නඟා සිටුවීම සඳහා රජය යම් යම් පියවර ගන්නවා. දිගින් දිගටම වැට් බදු අය කිරීමේ ප්‍රතිපත්තියක් රජය තුළ නැහැ.

    ගොවී ජනතාව නිරන්තරයෙන් මගෙන් අහනවා මෙම වැට් බදු නිසා පොහොර මිල ඉහළ යාමක් සිදුවේදැයි මහජනතාව මගෙන් නිතර විමසනවා. මම කියන්නේ මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය සියලු පොහොර මේ වනවිට රටට ආනයනය කර අවසන්. ඒවා ආනයනය කර තිබෙන්නේ පැරණි මිල ගණන් යටතේයි. ඒ සඳහා වැට් අය කිරීමක් නැහැ. ඒ නිසා මෙවර මහ කන්නයේ ඉදිරියට අලෙවි වන පොහොරවල මිල  වැඩි වීමක් සිදු කළ නොහැකියි.

    කවුරුහරි කූඨ  අලෙවිකරුවෝ දෙතුන් දෙනෙක් වැඩි මිල ගණන් යටතේ අලෙවි කළහොත් මම කියන්නේ ඔවුන්ගෙන් බිල්පතක් ලබා ගන්න. ඒක අපිට එවන්න. අපිට පුළුවන් ඊට අවශ්‍ය නීතිමය පියවර ගන්න.

    අනික් කාරණය තමයි ලබන යල කන්නයේ දී පොහොර සඳහා වැට් බදු ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු කර තිබෙනවා. මම මේ සම්බන්ධව ගරු ජනාධිපතිතුමන් සමග සාකච්ඡා කළා. එතුමන් මුදල් අමාත්‍යවරයා වශයෙන් ඒ සඳහා ධනාත්මක ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ නිසා යල කන්නයේ දීත් අපිට රසායනික පොහොර පවතින මිල ගණන් යටතේම ගොවීන්ට ලබා දීමට හැකිවෙතැයි මම විශ්වාස කරනවා.

    කෘමිනාශක හා වල්නාශක මිල ඉහළයාම පාලනයට අපි අපේ රජයට අයත් පොහොර සමාගම් දෙක හරහා අවම මිලක් යටතේ පළිබෝධ නාශක අලෙවි කිරීම ආරම්භ කරනවා. ඒ අනුව ඉදිරියේ දී පළිබෝධ නාශක හිතු හිතු ගණන්වලට අලෙවි කිරීම නැවැත්වීමට අපි පියවර ගන්නවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya