ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    තාක්ෂණ අමාත්‍යංශයට නව ලේකම්වරයෙක්

    ජනවාරි 02, 2024

    තාක්ෂණ අමාත්‍යාංශයේ නව ලේකම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය ධර්මශ්‍රී කුමාරතුංග මහතා ඊයේ (01) කොමිෂන් සභා කාර්යාලයට පැමිණ ඉදිරි ක්‍රියාකාරී සැලසුම් සහ පවතින ගැටලු සම්බන්ධයෙන් එම කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඇත.


    ජනාධිපති රනිල වික්‍රමසිංහ මහතා  ආරම්භ කරන ලද  DIGIECON 2030 වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කිරීමේ වැඩපිළිවෙල යටතේ ඒ මහතා මෙම නව තනතුරට පත් කර තිබේ.
    ආචාර්ය ධර්මශ්‍රී කුමාරතුංග මහතා Mastercard හි රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකයෙකු ලෙසද, ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ (ITC) UN හි ජ්‍යෙෂ්ඨ ජාතික උපදේශකයෙකු ලෙසද, PayMedia (Pvt) Ltd හි ව්‍යාපාරික උපදේශකයෙකු ලෙසද, DirectPay සහ CeleTa (Pvt) Ltd හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද සේවය කරයි. එසේම ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) සහකාර අධිපතිවරයෙකු ලෙස සේවය කර ඇත. මහ බැංකුවේ වසර 31කට වැඩි පළපුරුද්දක් ඇති ඔහු ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව, තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව, ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව ඇතුලු විවිධ තනතුරුවල විවිධ දෙපාර්තමේන්තු හරහා සේවය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya