ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    වැඩ කරන ජනතාව වෙනුවෙන් නව නීතියක් - අමාත්‍ය මනුෂ නානායක්කාර

    ජනවාරි 02, 2024

    ශ්‍රී ලංකාව තුළ ගෙවුණු සංස්කෘතිය තුළ ආරක්‍ෂිත හිස්වැසුම්, අත්මේස්, පවා පැළඳීමට කටයුතු නොකර වැඩ කරන මිනිසුන් සිටින හෙයින් ඔවුන්ගේ ආරක්‍ෂිතභාවය උදෙසා එම ආරක්‍ෂිත අම්පන්න අතවශ්‍ය කරන නීතිය පෙබරවාරි මාසය වන විට ගෙන ඒමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (01) පැවති සම්මන්ත්‍රණයක් අතරතුර දී ය.

    මෙම නීතිය කම්කරු දෙපාර්තමේන්තුවෙන් බලාත්මක කළ ද ඊට නිසි නිත්‍යානුකුල බලයක් මෙතෙක් හිමිව නොතිබුණු අතර මෙම පනත ක්‍රියාත්මක වීමෙන් පසුව මෙරටේ කිසිඳු තැනක අවශ්‍ය ආරක්‍ෂිත අම්පන්න නොමැතිව වැඩ කිරීමට ඉඩ නොදීමට කටයුතු කරන බව පැවසූ ඒ මහතා රැකියා ස්ථානවල සුරක්ෂිතතාවය පිළිබඳව තීන්දු කිරීම උදෙසා ද මෙම නීතිය බලාත්මක කළ යුතුව ඇති බව ද පැවසීය.

    ඒ අනුව, එසේ ආරක්‍ෂිත අම්පන්න නොමැතිව යම් කිසි ස්ථානයක වැඩ කරන්නේ නම් කම්කරු නීතියට අනුව සේව්‍ය සේවක දෙපාර්ශ්වයම අත්අඩංගුවට ගැනීමට හැකි වන පරිදි බලාත්මක කිරීමට අවශ්‍ය වැඩකටයුතු සිදු කරන බවත්, අනෙකුත් රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ට මෙන්ම කම්කරුවන් ද රක්ෂණය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ද සකස් කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya