ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    පීලි පැන තිබූ මෙරට ආර්ථිකය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවැරදි මාවතට යොමුකළා - කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

    ජනවාරි 02, 2024

    නිදහසින් පසු පීලි පැන තිබූ මෙරට ආර්ථිකය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය විසින් 2023 දී නැවත නිවැරැදි පීල්ල මත තැබූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ  අද(02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.


    ලැබූ නව වසර ඉතා තීරණාමත්ක වසරක් වන අතර දැනට පවතින ආර්ථික අභියෝගය 2027 වසර දක්වා පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ 2024 අවසන් වන තෙක් අකුරට පිළිපැදීමෙන් අර්බුදය අවම කරගත හැකි බවත් හෙතෙම කීවේය.ලැබූවා වූ නව වසරෙත් මේ තිබෙන සියලු ආර්ථික අර්බුදයන්ට මුහුණ දෙමින් රට වෙනුවෙන් කළ හැකි උපරිම කැප කිරීම් කරමින්, වැඩි වැඩියෙන් වැඩ කිරීම  අවශ්‍ය බවද හෙතෙම පැවසීය.
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,ලෝක බැංකුව, ආසියාන සංවර්ධන බැංකුව සහ ණය හිමියන් සමඟ ඇතිකරගත් එකඟතාවයකින් තොරව රටේ ආර්ථිකය දවසක්වත් දිව නොහැකි බවද ඒ මහතා පැවැසීය.
    ලෝක සම්මත නීතිරීති සහ මූල්‍ය විනයට යටත්ව රටක් ලෙස අප මූල්‍ය වෙළෙඳපොළට ගොස් බැඳුන්කර නිකුත් කර ණයක් ඉල්ලුවද 2027 වසරේ දී ලබාගත හැකි උපරිම ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1500ක් පමණක් බව ද ගුණවර්ධන මහතා කීවේය.
    ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
    2024 වසර අපේ රටේ තීරණාත්මක වසර ලෙස මම දකිනවා. නිදහසින් පසු පුරා වසර හැත්තෑ ගණනාවක් තුළ රට පත්වෙච්ච තත්ත්වය තුළින් නැවත රට ගොඩට අරගෙන පීලි පැනල තිබුණ ආර්ථිකය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු රජය විසින් පීල්ල මත තබලා තිබෙනවා. එහෙත් ප්‍රධානම අභියෝගය ඉදිරි වසර තුන හතර සඳහා පවතිනවා. 2027 වන තෙක් ලංකාවේ කුමන ජනාධිපතිවරයෙක් සිටියත් කවර ආණ්ඩුවක් තිබුණත් අවශ්‍යතා ඉෂ්ඨ කරගැනීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳ පොළට ගිහින් ණයක් ලබාගන්න අපිට බැහැ. ලෝක සම්මත මූල්‍ය නීති රීති හා විනයන්ට යටත්ව රටක් වශයෙන් අපිට ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළට ගිහිල්ලා බැඳුන්කරයන් නිකුත් කරලා ණයක් ඉල්ලන්න පුළුවන්. 2027 වසරේ දී ඒත් ලබාගත හැකි උපරිම ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1500යි. බිලියන 1.5යි. ඒ නිසා 2024 මේ ලබපු වසරත් 2025,2026 සහ 2027 කියන වසරත් සකස් කරගෙන තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ විදේශීය ණය හිමියෝ සමඟ ඇතිකර ගත් එකඟතාවයෙන් දශමයක් හෝ වෙනස් කළොත් රටක් ආණ්ඩුකරණය කරන්න පුළුවන් නම් එම ආණ්ඩුවේ උපරිම කාලය සති දෙකක් පමණක් වන බවයි මගේ පුද්ගලික අදහස. ඊට හේතුවජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැතුව ලෝක බැංකුව නැතුව, ආසියානු සංවර්ධන බැංකුව නැතුව, ණය හිමියෝ සමඟ එකඟතාවයකින් තොරව රටේ ආර්ථිකය දවසක්වත් දුවන්න බැහැ. විශාල ලෙස ආනයනය මත රඳා පවතින ආර්ථිකයක් තිබෙන අපේ රටේ ඛනිජ තෙල් පොහොර, ඖෂධ රසායනික ද්‍රව්‍ය, සහල් පිටි සීනි අලු ළූණු මිරිස් පරිප්පු වැනි පරිභෝජන භාන්ඩත් යන්ත්‍ර සූත්‍ර මෝටර් රථ වාහන වැනි ප්‍රාග්ධන භාණ්ඩත් අපි ආනයනය කරන්න ඕන. ඒ ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය සංචිත මත පදනම් වූ ණයවර ලිපියක් නිකුත් කරන්න ඕන. ණයවර ලිපියක් නිකුත් කරන්න ජාත්‍යන්තර සංචිත ප්‍රමාණවත් නැත්නම් ලෝක වෙළෙඳ පොළ තුළ ලෝක ආර්ථිකය තුළ ඒ පවතින ක්‍රමවේදයන් තුළ ණයවර ලිපිය ලෝකයේ අනෙක් රටවල බැංකු පිළිගන්නේ නැහැ. එවැනි තත්ත්වයක් මීට වසරකට පෙර අපේ රටට ඇති උනා. අපිට ඛනිජ තෙල් නැහැ. පොහොර නැහැ, ගෑස් නැහැ. රසායනික ද්‍රව්‍ය නැහැ. කන බොන දේවල් නැහැ. කිසිඳු දෙයක් නැතුව එම ආර්ථිකය සති දෙකක්වත් යන්න බැහැ. එම නිසා ලැබූවා වූ නව වසරෙත් මේ තිබෙන සියලු ආර්ථික අර්බුදයන්ට මුහුණ දෙමින් රට වෙනුවෙන් කළ හැකි උපරිම කැප කිරීම් කරමින්, වැඩි වැඩියෙන් වැඩ කරන අවශ්‍යයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya