ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    උසස් පෙළ විභාගය අද ඇරඹෙයි

    ජනවාරි 04, 2024

    2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වෙයි. මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 281,445ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331ක් වශයෙන් අයදුම්කරුවන් 346,976ක් පෙනී සිටීමට නියමිතයි. උසස් පෙළ විභාගය අද (04) සිට 31 වැනිදා දක්වා රට පුරා විභාග මධ්‍යස්ථාන 2298කදී පැවැත්වීමට නියමිතය

    මේ දිනවල පවතින වර්ෂාව නිසා ඇතැම් ප්‍රදේශයන්හි ආපදා තත්ත්වයන් වාර්තා වුවත් එම ප්‍රදේශවල දරුවන්ට විභාගයට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට නිලධාරීන් සැලසුම් යොදා ඇති බව විභාග කොමසාරිස්වරයා සඳහන් කරයි. ආපදා තත්ත්වයන් පවතින විභාග මධ්‍යස්ථානවලට යෑමට නොහැකි අපේක්ෂකයන් වෙත ප්‍රවාහන පහසුකම් සැපයීම හෝ ඔවුන්ට පහසු විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා සැලසුම් යොදා ඇතැයි ද හෙතෙම පැවසීය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව විභාග අපේක්ෂකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. අවශ්‍ය වුවහොත් විභාග අපේක්ෂකයන්ට අලුතින් විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට වුවද පියවර ගන්නා බව ද ඒ මහතා පැවසුවේය.

    සිසුන්ට අයහපත් කාලගුණය හේතුවෙන් මුහුණපෑමට සිදුවන බාධා මගහරවා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 අංකය හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 අංකය ඇමතිය හැකි බවයි වාර්තා වන්නේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya