ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    මාස 6ත් 9ත් අතර දරුවන්ට අමතර සරම්ප එන්නත් මාත්‍රාව ලබා දීම හෙට සිට ඇරඹේ

    ජනවාරි 04, 2024

    තෝරාගත් දිස්ත්‍රික්ක 09ක මාස 6ත් 9ත් අතර දරුවන්ට අමතර සරම්ප එන්නත් මාත්‍රාව ලබාදීමේ ජාතික වැඩසටහන හෙට(06) සිට අරඹන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිණිගේ මහතා පවසයි.

    මේ වන විට ගෝලීය වශයෙන් යුරෝපාකරයේ සහ දකුණු ආසියාතික රටවල් ඇතුළුව ලොව සෑම රටකම සරම්ප වසංගතයක් පැතිරෙමින් තිබේ.

    කොවිඩ් සමග ළමා එන්නත්කරණ සමස්ථ වැඩසටහනම ගෝලීය වශයෙන් විශාල බිඳවැටීමකට ලක්වීම නිසා එහි ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා 2020 සහ 2021 අවුරුදු දෙකේ දරුවන් මිලියන 25ක් කිසිදු ළමා එන්නත් මාත්‍රාවක් ලබා නොගත් බවද, තවත් මිලියන 15ක් අර්ධ වශයෙන් එන්නත්කරණයක් ලබාගත් බවද ප්‍රකාශ කළේය.

    මෙම පිරිස ඉදිරියේදී සරම්ප වැනි වසංගත රෝග වලට ගොදුරු වීමේ වැඩි අවධානමක් පවතින බවද, වැඩිම සම්ප්‍රේෂණ වේගයක් ඇති රෝගය සරම්ප බවද එක් සරම්ප රෝගියෙකුට 16 දෙනෙකුට බෝ කිරීමේ හැකියාවක් පවතින බවද පෙන්වා දුන්නේය.

    අප අසල්වැසි රටවල් වන ඉන්දියාව, නේපාලය, පකිස්තානය, ඉන්දුනීසියාව වැනි රටවල විශාල වසංගතයක් ලෙස සරම්ප පැතිරෙන බවද කොවිඩ් කාලයේ වුවද අප රටෙහි ළමා එන්නත්කරණ වැඩසටහන ප්‍රශස්ථ මට්ටමක පවත්වාගෙන යාමේ වාසනාව හිමිවූ බවද සිහිපත් කළේය.

    පළමු සරම්ප රෝගියා මෙවර ලංකාවේ වාර්තා වූයේ 2023 වසරේ මැයි 23 බවද, මුල් අවධියේ වාර්තා වන සරම්ප රෝගීන් අති බහුතරයක් වාර්තා වන්නේ ළමා එන්නත්කරණය නිසි පරිදි ලබා නොගත් අයගෙන් බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.

    මේ වන විට වාර්තා වී ඇති සරම්ප රෝගීන් 740න් 49%ක්ම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව සඳහන් කළ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිණිගේ මහතා දෙවනුවට වැඩිම රෝගීන් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවද පැවසුවේය.

    පළමු පියවර ලෙස සරම්ප මාත්‍රාව ලබාදීමේ දිස්ත්‍රික්ක 09ක් තෝරා ගන්නේ රෝග ව්‍යාප්තියත්, එන්නත්කරණය ප්‍රතික්ෂේප කළ පිරිස් වැඩි වශයෙන් සිටින ස්ථානත් හදුනාගනිමින් බවද, මෙය මාස 6ත් 9ත් අතර දරුවන්ට අමතර එන්නත් මාත්‍රාවක් වශයෙන් ලබාදෙන බවද, එම දරුවන්ගේ නියමිත වයස් සම්පූර්ණ වීමේදී අදාළ මාත්‍රා ලබාගත යුතු බවද පැවසුවේය.

    කොළඹ, ගම්පහ, කලුතර, නුවර, ගාල්ල, මාතර සහ කල්මුණේදී යන ප්‍රදේශ මූලික කරගනිමින් ජනවාරි 06 වනදා එක්දින එන්නත්කරණ වැඩසටහන ඇරඹෙන බවද, එදිනට මෙම දිස්ත්‍රික්ක වල ඇති සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයකම මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවද පැවසුවේය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya