ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    කිසිදු බලපෑමකට යටත් නොවී මාර්ගගත ආරක්ෂණ පනත ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා

    ජනවාරි 05, 2024

    කිසිදු බලපෑමකට යටත් නොවී මාර්ගගත ආරක්ෂණ පනත (online safety bill) ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ උපදෙස් පරිදි කාන්තාවන් සහ ළමයින් සම්බන්ධව සිදුවන අපරාධ පිළිබඳ දැනුම් දීම සඳහා හඳුන්වා දුන් ක්ෂණික දුරකථන අංකය සහ වෙබ් අඩවිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිණි.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, යුක්තිය මෙහෙයුම යටතේමේ වන විට විශාල කාර්ය භාරයක් සිදුකර තිබෙන බවයි. ගෙවුණු වසරේ පමණක් කාන්තාවන් සහ දරුවන්ට සිදුවන හිංසන සම්බන්ධයෙන් පැමිණිලි 8000ක්‌ පමණ ඉදිරිපත්වී ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ අතරින් තුන්දහසක් පමණ සමාජ මාධ්‍ය සම්බන්ධ පැමිණිලි වේ. ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් මාර්ගගත ආරක්ෂණ පනත (online safety bill) ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පැවසීය.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ,

    ජාත්‍යන්තර සංවිධාන, තානාපති කාර්යාල ආදී විශාල පිරිසක් ඊට විරුද්ධව මත පල කරනවා. ඒ කිසිදු බලපෑමකට යටත් නොවී ජනවාරි 23 වෙනිදා මේ යෝජනාව ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා. ඒ පිළිබඳව ඕනෑම යෝජනාවක් හෝ අදහසක්‌ ජනවාරි අටවෙනිදා දක්වා ලබාදීමේ හැකියාව පවතිනවා. ඉන් අනතුරුව ඒවාද මීට ඇතුළත් කිරීමේ හැකි හැකියාව පිළිබඳව සොයා බලනවා. මේ සියලු දේ සිදුකිරීමේ අරමුණ රටේ දරුවන්ගේ සහ කාන්තාවන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීමයි. නමුත් අවාසනාවකට රටේ ඇතැම් දේශපාලනඥයින් සහ ජනකොටස් ඒවාට විරුද්ධව අදහස් ප්‍රකාශ කරනවා. නමුත් මේ ඉදිරියට තැබූ පියවර නැවත ආපස්සට ගන්නට අප කටයුතු කරන්නේ නැහැ. ජනතාව සෑම අවස්ථාවකම අප සමග සිටින බව මට විශ්වාසයි.

    මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා,වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ළමා හා කාන්තා අපයෝජන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය,ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය උදයකුමාර අමරජීව මහතා, රාජ්‍ය සහ පෞද්ගලික ස්වේච්ඡා සංවිධාන වල නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya