ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    රසායනික පොහොර සඳහා වැට් බදු අය නොකරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

    ජනවාරි 05, 2024

    දැනට අලෙවිකරන රසායනික පොහොර සඳහා වැට් බදු අය නොකරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොහොර අලෙවිකරුවන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
    කෘෂිකර්ම අමාත්‍යංශයේ ඊයේ (4) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කර තිබේ.


    දැනට වෙළෙදපොළේ අලෙවි කරන යුරියා, MOP, TSP වැනි රසායනික පොහොර සඳහා ජනවාරි 01 සිට ක්‍රියාත්මක කරන ලද වැට් බදු අය කිරීමේ ප්‍රතිපත්තිය අදාල නොවන බව පොහොර සැපයුම්කරුවන් අවධාරණය කර ඇත.දැනට වෙළෙදපොළේ අලෙවි කෙරෙන පොහොර ආනයනය කර තිබෙන්නේ වැට් බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පෙර වන අතර ඊට වැට් බද්දක් අදාල සමාගම්  ගෙවා නැත.එසේම දැනට වෙළඳපොළේ අලෙවි කරන පොහොර සඳහා වැට් බද්දක් අය කළහොත් වැට් බිල්පතක් ඉල්ලා සිටින ලෙස පොහොර සැපයුම්කරුවන් ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.
    මේ වනවිට 2023/24 මහ කන්නයේ වී වගාවේ අස්වනු නෙලාගැනීමේ කටයුතු ආරම්භ වී තිබේ. එමනිසා දැනට රසායනික පොහොර අලෙවියේ කිසියම් අඩුවීමක් ඇත. නමුත් දැනට වෙළෙද පොලේ ඇති පොහොර ආනයනය කර තිබෙන්නේ පැරණි පැවැති මිල ගණන් යටතේ වන අතර එම පොහොර ආනයනයේ දී  වැට් බදු අය කිරීමක් සිදු කර නැත.
    එමෙන්ම පළිබෝධනාශක සම්බන්ධව වැට් බදු අය කිරීමක් සිදුකළ යුතු වුවද, පළිබෝධනාශක අලෙවියෙන් ලබන ලාභය මත එම වියදම ආවරණය කර ගන්නා බැවින් මුලික මිල ගණන්වලට වැට් එකතු කිරීමක් සිදු නොකිරීමට ද  පලිබෝධනාශක  බෙදාහරින සමාගම් නියෝජිතයන් එහිදි පවසා ඇත.  
    මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා , රජයට අයත් පොහොර සමාගම් දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා මෙන්ම පොහොර ආනයන සමාගම් කිහිපයක නියෝජිතයන්ද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya