ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ඩෙංගු රෝගය පිළිබඳ තොරතුරු දැන ගැනීමට හෝ ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පිළිබඳ දැනුම්දීමට ක්ෂණික දුරකථන අංකයක්

    ජනවාරි 06, 2024

    ඩෙංගු රෝගය පිළිබඳ තොරතුරු දැන ගැනීමට හෝ ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පිළිබඳ දැනුම් දීම සඳහා ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

    011-7966 366 යන මෙම ක්ෂණික දුරකතන අංකය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ අද(06) දින සිට ස්ථාපිත කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි. මෙම අංකය සෑම දිනක ම (සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දින ඇතුළුව) පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා විවෘත ව පවතී.

    ක්ෂණික ඇමතුම් සේවය මගින් ඩෙංගු රෝගය පිළිබඳ ව විමසා සිටින අවස්ථාවල දී එම තොරතුරු සැපයීම ද වෙනත් සේවා හෝ පාරිසරික ප්‍රශ්නයක් සම්බන්ධව නම් එම කටයුතු වලට වහා ම අවධානය යොමු කර අවශ්‍ය පියවර ගැනීමට අදාළ අංශ වෙත දන්වා සිටීම ද සිදු කරනු ලැබේ.

    මෙම ක්ෂණික ඇමතුම් සේවය පවත්වා ගෙන යාම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ගේ කාර්යාලයේ සහාය ද ලබා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya