ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    සරම්ප එන්නත් අමතර මාත්‍රාව ලබාදීමේ වැඩසටහනේ 83%ක ප්‍රගතියක් - සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල

    ජනවාරි 08, 2024

    දිස්ත්‍රික්ක 09ක වයස මාස 06ත් 09ත් අතර දරුවන්ට අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමේ ජාතික වැඩසටහනේ 83%ක සමස්ථ ප්‍රගතියක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා මේ බව පැවසුවේ අද (08) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී වයස මාස 06ත් 09ත් අතර දරුවන්ට අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමේ ජාතික වැඩසටහනෙහි පසුවිපරම සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    එහිදී ළමයින් 30,455ක් ආවරණය කිරීමට බලාපොරොත්තු වුණු බවද, ඉන් 25,286ක් ආවරණය වී ඇතැයිද පැවසූ සෞඛ්‍ය ලේකම්වරයා යම් යම් ප්‍රදේශ වල කුඩා ළමුන්ට සෙම්ප්‍රතිශ්‍යාව, උණ සෑදීම ආදී කාරණා නිසා 5000ක  පමණ ප්‍රමාණයක් පැමිණීමේ අඩුවක් දක්නට තිබුණු බවද පැවසුවේය.

    ඉදිරි සති 03ක කාලය තුළ මෙලෙසම අදාල දෙමාපියන් සිය මාස 06ත් 09ත් අතර දරුවන් රැගෙන විත් සරම්ප අතිරේක මාත්‍රාව ලබාදීමට කටයුතු කරයි යන බලාපොරොත්තුව ඇති බවද ඒ පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හරහා අදාල සියලුම දෙමාපියන්ට දැනුම්දෙන බවද සඳහන් කළේය.

    ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙලට අනුගත නොවී එන්නත් අනවශ්‍ය යැයි සිතන මාස 09ත් අවුරුදු 15ත් අතර 4194 දෙනෙකු හඳුනාගත් බවද, ඉන් 801 දෙනෙකු සෙනසුරාදා එන්නත් ලබාගෙන තිබුණු බවද එය විශාල ජයග්‍රහණයක් බවද සිහිපත් කළේය.

    ඉදිරි සති 03හි සෙනසුරාදාවන් 03හිත් ප්‍රධාන සායන වල අතිරේක සරම්ප එන්නත් මාත්‍රාව ලබාදීමට බලාපොරොත්තු වන බවද, ඒ තුළින් 83%ක පවත්නා ආවරණය තවත් ඉදිරියට ගෙනයාමට බලාපොරොත්තු වන බවද අවධාරණය කළේය.

    දිස්ත්‍රික්ක 09හි ක්‍රියාත්මක කළ සායන මධ්‍යස්ථාන 1600 තුළ වයස මාස 06ත් 09ත් අතර දරුවන් 25,286 දෙනෙකුට එන්නත් ලබාදීමට හැකිවීම සම්බන්ධව එම දරුවන් එන්නත්කරණයට යොමු කිරීම පිළිබඳව ඔවුන්ගේ දෙමාපියන්ට ස්තුති කිරීමටද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අමතක නොකළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya