ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    දියර කිරි නිෂ්පාදනය සඳහා නව කර්මාන්ත ශාලාවක් නාවලපිටියේ විවෘත කෙරේ

    ජනවාරි 08, 2024

    මුළු ලෝකයේම ජනතාව  දියර කිරි පරිභෝජනය කරමින් සිටින වකවානුවක අප රට ඇතුළු රටවල් පහක් පමණක්  පෝෂණයක් නැති කිරිපිටි පරිභෝජනය කරමින් සිටින බව පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසයි.

     ප්‍රංශ රජයේ ආධාර ඇතිව නාවලපිටිය ප්‍රදේශයේ ඉදි කරන ලද මධ්‍යම ප්‍රමාණයේ දියර කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වූ පශු සම්පත් රාජ්‍ය  අමාත්‍ය ඩී.බී.හේරත් මහතා මේ බව පවසුවේය.

    තවදුරටත් ඒ මහතා පවසා සිටියේ,     ලෝකයේ ප්‍රධාන කිරිපිටි නිෂ්පාදනය කරන රටවල් මගින් නිපදවනු ලබන දියර කිරිවල ඇති ප්‍රෝටීන සහ මේදය අයින් කර එමගින් ඔවුන් මිල වැඩි වෙනත් නිෂ්පාදන බවට පත් කරනවා.ඉතිරි සුදු පාට වතුර ටිකට කෘතිමව මේදය හා සත්ව තෙල් අඩංගු කර පිටි කිරි කර සිමෙන්ති කොට්ට ප්‍රමාණයේ බෑග් වල දමා ලංකාවට එවන අතර, අප රටේ බහුජාතික සමාගම් මගින් ඒවා කුඩා ඇසුරුම් වලට දමා විවිධ වෙළඳ උපක්‍රම භාවිතා කරමින් දරුවන් ඇතුළු ජනතාවට වස විස සහිත කිරිපිටි  භාවිතයට යොමු කරනවා. මෙම වස විස සහිත කිරිපිටි රටට ආනයනය කරන්න පසුගිය අවුරුද්දේ පමණක්  ඩොලර් බිලියන 38 ක් පමණ වැයකර තියෙනවා. අපි ගොවියන්ට ලබාදෙන පොහොර ටිකටවත් වසරකට මෙච්චර මුදලක් වැය කරන්නේ නැහැ. අපේක්ෂා රෝහලට සහ ලංකාවේ ප්‍රධාන රෝහල්වලට ගිහින් බැලුවොත් මම කියන කතාවේ සත්‍යතාවය ඔබට වටහා ගන්න හැකිවේවි.  මේ තත්ත්වය තේරුම් ගත් අපේ රජය  දියර කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන  ඔබ වෙතට ලබාදීම සඳහා  මධ්‍යම පරිමාණ  දියර කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලා හයක් ප්‍රංශ රජයේ ආධාව ඇතිව ආරම්භ කිරීමට පියවර ගත්තා.  වැඩ අවසන් කළ දෙවන කර්මාන්ත ශාලාව නාවලපිටිය ජනතාවට අද ලබා දෙනවා.මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමෙන් පසු සිය නිෂ්පාදන, නාවලපිටිය ඇතුළු මධ්‍යම පළාතටත්, සෙසු අනෙකුත් ප්‍රදේශවලටත් බෙදා හැරෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. අපි මේ පළාතේ කිරි ගොවි මහතුන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබතුමාලාගේ නිෂ්පාදන මෙම කර්මාන්ත ශාලාව වෙතට ලබා දෙන ලෙසයි. එමගින් ඔබගේ නිෂ්පාදන වලටත් ලොකු ආර්ථික වටිනාකමක් ලැබේවි. මෙම වැඩසටහනේ ඉතිරි කර්මාන්තශාලා හතරත් හැකි ඉක්මනින් නිම කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.එමගින් වස විස නැති, පෝෂණ තත්ත්වයෙන් උසස් දියර කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ඔබගේ දරුවන්ට මෙන්ම ඔබට ද පරිභෝජනය කළ හැකියි.   

    මෙම කර්මාන්ත ශාලාවට අවශ්‍ය කිරි සැකසුම් යන්ත්‍රෝපකරණ ආනයනය කිරීම සහ දේශීය කාර්මිකයන් පුහුණු කිරීම සදහා  රුපියල් මිලියන 850 ක  ආධාර ප්‍රංශ රජය මගින් ලබා දුන් අතර, ගොඩනැගිලි  සහ අනිකුත් ඉදිකිරීම් සදහා නාවලපිටිය විවිධ සේවා සමූපකාර සමිතිය රුපියල් මිලියන 60 ක් වැය කරන ලදී.


    මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර  නීතිඥ ලලිත් යූ ගමගේ, හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු මධ්‍යම පළාත් මහ ඇමැති, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ගොවි මහතුන් සහභාගි විය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya