ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ආයෝජන කටයුතු සදහා ඉඩම් බැහැරදීමෙන් නව ආදායම් උපයා ගැනීමේ අපේක්ෂාවක්

    ජනවාරි 08, 2024

    ආයෝජන කටයුතු සදහා ඉඩම් බැහැරදීමෙන් ඉදිරි වසර 03ක කාලයේ දී රුපියල් බිලියන 21ක ආදායමක් උපයා ගැනිමට අපේක්ෂනා කරන  බව නාගරික සංවර්ධන අධිකාරියේ අධිකාරිය පවසයි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර ආයෝජන අවස්ථා ලබා දි ඇත්තේ,රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව පදනමින් හා දිර්ඝකාලීන බදු පදනම යටතේ යි.මෙමගින් මේ වසර තුළ දී පමණක්  රුපියල් බිලියන 09ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කෙරේ.

    කොළඹ කොටුව,වරකාපොළ,ගාලුකොටුව,අවිස්සාවේල්ල,තලවතුගොඩ, කොට්ටාව,ඒකල,මහනුවර,නාරාහේන්පිට,නාවලපිටිය,බලංගොඩ,කොළොන්නාව,වැල්ලවත්ත,පාදුක්ක, යන ප්‍රෙදේශවල මෙම එම ව්‍යාපෘතිවලට අදාළ ඉඩම් පිහිටා තිබේ‍ෙ

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ඉදිරිපත් වන ව්‍යාපෘතිවලට දින 09 -120 ත් අතර කාලයක් තුළ අනුමැතිය දිය හැකි පරිදි විශේෂ වැඩපිළිවෙලක්ද නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකසා තිබේ. ඒ සදහා අදාළ අනුමැතීන් එකම ස්ථානයකින් කඩිනමින් ලබා දීම සදහා සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ කර ගනිමින් කඩිනම් සේවා ඒකකයක් (One Stop Unit) මේවන විටත් ක්‍රියාත්මකයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya