ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    විශේෂ අවශ්‍යතා සහිත සිසුන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණ පුහුණු පාඨමාලාවක්

    ජනවාරි 08, 2024

    ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් ප්‍රථම වරට විශේෂ අවශ්‍යතා සහිත (ඔටිසම් -Autism Spectrum Disorder) සිසුන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණ පුහුණු පාඨමාලාවක් (Information & Communication Technology Technician NVQ Level 2) ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර මෙම වැඩසටහන මගින් විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවා  වෘත්තීයයක් සඳහා අවශ්‍ය කුසලතා හා රැකියා අවස්ථා ලබාදීමට සැලසුම් කර ඇත.

    තවද මේ හරහා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් /සිසුන් සවිබල ගැන්වීම, රැකියා අවස්ථා ලබා දීම තුළින් ඔවුන්ගේ ආර්ථික  ස්‌වයං පෝෂිතභාවය ප්‍රවර්දනය කිරීම හරහා රටේ ආර්ථිකයට ඔවුනගේ ද නොමසුරු දායකත්වය ලබා ගැනීම මෙම වැඩසටහනේ මුලික අරමුණ වේ. මෙම වැඩසටහන රටේ විශේෂිත සිසුන් සමුහයක් වෙනුවෙන්, සාමාන්‍ය වෘත්තීය පුහුණු ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස් රැකියා සම්බන්ධක පුහුණු පාඨමාලාවක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මෙමගින් ආයතනය තුළ පුහුණුවට සමාන්තරව කර්මාන්ත ගත පුහුණුව ද ලබාදීම තුළින් ඔවුන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම සිදුවේ. 

    මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් ජාතික  අධ්‍යාපන ආයතනයේ විශේෂ අධ්‍යාපනය වෙනුවෙන් වූ අන්තර්කරණ දෙපාර්තමේන්තුව මෙන්ම ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන Skills for Inclusive Growth (S4IG) ව්පෘ‍යාතිය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමග එක්ව ක්‍රියා කරනු ලැබේ.

    මෙම වැඩසටහනේ සමාරම්භය හෙට(09) උදෑසන නාරාහේන්පිට ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී  සිදුකිරීමට සැලසුම් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya