ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය සේවකයන්ට අයවැයෙන් වැඩිකළ ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5000ක් ජනවාරි වැටුපට

    ජනවාරි 09, 2024

    රාජ්‍ය සේවකයන්ගේ වැටුපට අප්‍රේල් මාසයේ සිට ගෙවන බවට අය වැයෙන් පොරොන්දු වූ රුපියල් දස දහසක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5000ක් මේමස වැටුපේ සිටම ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) රැස් වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.2024 අයවැය යෝජනාව මගින් රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව රුපියල් 10,000 දක්වා ඉහළ දැමීමටත් ඒම දීමනාව අප්‍රේල් මාසයේ සිට ලබා දීමට එකග වී තිබුණද පවතින ආර්ථික දුෂ්කරතාව හමුවේ එම දීමනාවෙන් කොටසක් වසරේ මුල සිට ලබා දෙන ලෙස  වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීම් කර තිබේ.

    මෙම පීඩනය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව මේ සඳහා කැබිනට් මණ්ඩලයේ එකගතාවය හිමි වූ බවද කීය.

    වෛද්‍ය විශේෂඥයින්ගේ දීමනාව රුපියල් 35,000කින් ඉහළ දැමීමට සහ සරසවි ආචාර්යවරුන්ගේ දීමනවා 25%කින් වැඩි කිරීමටද මෙහිදී  තීරණය වූ බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය. කැබිනට් මණ්ඩලය ඊයේ රැස් වූ අවස්ථාවේදී කැබිනට් තීරණ වලට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව දැනුම් දුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya