තමා සිය මන්ත්රීධූරයෙන් ඉල්ලා අස්වන බවට අද(09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදු කළ මන්ත්රීවරයා අනතුරුව තම ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇත.
මේ අනුව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්රකාරව නව වැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතාගේ අසුන හිස්ව ඇති බව මහලේකම්වරිය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දීමට නියමිතය.