ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ජලශාස්ත්‍රීය පනත ක්‍රියාත්මක කිරීමෙන් රටට අහිමි වී ගිය විශාල ආදායමක් සෘජුවම භාණ්ඩාගාරයට අය කර ගැනීමට හැකියාව ලැබෙනවා

    ජනවාරි 09, 2024

    ජාතික ජලශාස්ත්‍රීය පනත මෙරට තුළක්‍රියාත්මක කිරීම තුළින් රටට අහිමි වී ගිය විශාල ආදායමක් සෘජුවම භාණ්ඩාගාරයට අය කර ගැනීමට හැකියාව ලැබෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(09) පාර්ලිමේන්තුවේදී ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීෙම් විවාදයට එක්වෙමිණි.

    වරාය අධිකාරිය වාර්ෂිකව ඩොලර් මිලියන 200ක පමණ ආදායමක් උපයන බවත් මෙම පනත හරහා නාවික  සිතියම් සිතියම් ගත කිරීම තුළින් වරාය අධිකාරිය උපයන මුදල හා සමානව 25%ක මුදලක් ඉපයීමට හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

    අති විශාල නෞකා ප්‍රමාණයක් අපේ මුහුදු කළාපය හරහා දිනපතා ගමන් කරනවා. නැගෙනහිර බටහිර ඒකතු කරන නැව් මාර්ගය තිබෙන්නේ අපේ රටේ දකුණු මුහුදට සමීපවයි. අපේ රටේ දකුණු මුහුදු තීරය මේ ලෝකයේ කාර්ය බහුලම නැව් ගමනා ගමන මාර්ගයක් වී තිබෙනවා. මෙම මාර්ගය භාවිතා කරන නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීමට සහ ඒ් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට අපි බැඳී සිටිනවා. නෞකා ගමනාගමනය සඳහා අවශ්‍ය නිවැරදි නාවික සිතියම් ලබා දීම අපේ වගකීමක්. නමුත් අපි වසර ගණනාවක් තිස්සේ මෙම වගකීම පැහැර හැර තිබෙනවා. මේ නිසා රටට  විශාල ආදායමක් ලබා ගැනීමේ අවස්ථාව අතපසු කරගෙන තිබෙනවා. මේ නිසා අපිට ලැබීමට තිබූ ඩොලර් ආදායම අපට නොලැබී තිබෙනවා. නාවික සිතියම් සම්බන්ධයෙන් කිව්වොත් ,  සුද්දා ඒදා හැදුව සිතියම් තමයි අදටත් අපි භාවිතා කරන්නේ. ඇතැම් සිතියම් වසර 100ක් පමණ පරණයි මේ නිසා නාවික ගමනා ගමනයේ ඇති විශ්වාසය පහළ මට්ටමක තිබෙනවා. ලෝකයේ ශ්‍රේණිගත කිරීම් බලද්දී අපේ මුහුදු කළාපයේ ශ්‍රේණිගත කිරීම ඉතා පහළ මට්ටමකයි තිබෙන්නේ

    රටට ලැබෙන්න තිබූ මෙවැනි ආදායම් නොලැබීමට හේතු වූ ආයතන සම්බන්ධයෙන් අපි කණගාටු විය යුතුයි. අපේ රටට අහිමව තිබූ ආදායම සෘජුවම භාණ්ඩාගාරය වෙත අය කර ගැනීමට මෙම නව පනත ඇති කිරීමෙන් හැකියාව ලැබෙනවා.  මෙම පනත හරහා නාවික  සිතියම්, සිතියම් ගත  නොකිරීම  තුළින් රජයට ඩොලර් මිලියන 51ක් පමණ අහිමි වෙනවා.  වරයා අධිකාරිය උපයන මුදල හා සමානව 25%ක මුදලක් මෙමගින් ඉපයීමට හැකි වෙනවා.මෙරට මුහුදු කළාපය තුළට තව තවත් නැව් ගමනාගමනය ප්‍රචලිත කිරීමට හැකියාව ලැබෙනවා.ජල ශ්‍රාස්තීය ලේකම් කාර්යාලයට අවශ්‍ය උපකරණ සපයා දීම මේ වන විටත් අවස්ථාව ලබා දී තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya