ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    රට පුරා සියලු ගම්වල සංහිඳියා ග්‍රාමීය සමාජ ස්ථාපිත කරමින් ජාතික සමගිය ඇති කිරීමට පියවර ගන්නවා

    ජනවාරි 09, 2024

    රට පුරා සියලු ගම්වල සංහිඳියා ග්‍රාමීය සමාජ ස්ථාපිත කරමින් ජාතික සමගිය ඇති කිරීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද(09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ජාතික සමඟිය  හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පත හා ජාතික ජල ශාස්ත්‍රීය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කරමින් ඇමැතිවරයා  මේ බව කියා සිටියේය

    ජාතික සමඟිය ඇති කළොත් පමණක් ආර්ථික ප්‍රතිලාභ ඇතුළු රටේ සංවර්ධිත කටයුතු සිදු  කළ හැකි බව  හෙතෙම සඳහන්කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ,

    ජාතික සමඟිය  හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත අද ඉදිරිපත් කරනවා. සාමය සමඟිය ඇති කරන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මේ වසරේ පළමු පාර්ලිමේන්තු දිනය ආරම්භ කරනවා. යුද්ධය පවතින කාලයේදී  මේ කාර්යාලය චන්ද්‍රිකා මැතිණිය ආරම්භ කළා. එය පරිපාලනමය ලෙස පවත්වාගෙන ගියා ද, ඊට ව්‍යවස්ථාපිත පිළිගැනීමක්  තිබුණේ නැහැ. නමුත් ඒ ආයතනය දීර්ඝ කාලයක් තිස්සේ රට තුළ ක්‍රියාත්මක වුණා. ජාතික සමඟිය ඇති කිරීම සඳහා විශාල සේවාවක් ඒ කාර්යාලය ඉටු කර තිබෙනවා. ජාතික සමඟිය ඉතා වැදගත්. රටේම ජනතාව මේ කාලයේ පීඩාවට පත්ව සිටිනවා. මේ කාර්යාලය පිහිටුවීමෙන් ගම් බිම් මට්ටමින්, ජාතික මට්ටමින්, ග්‍රාමීය මට්ටමින් විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කිරීමට මේ ආයතනයට පැවරෙනවා. මූලික ලෙස ගමේ සමඟිය ඇති කිරීමට මෙමඟින් අපේක්ෂා කරනවා.

    ජල ශාස්ත්‍රීය පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ, මෙම පනත රටේ ආර්ථිකයට වටිනාකමක් ඒක් කරන පනතක් බවයි.

    . පසුගිය වසර තුළ නැව් ගමනාගමන 36,000 ක් මේ කලාපය තුළ සිදුව තිබෙනවා. ඩොලර් මිලියන 51 ක අවම ඍජු ආදායමක් ලැබෙන්න ඕන. එය අපට ලැබුණේ නැහැ. මොකද මෙහි වගකීම පවරා තිබෙන්නේ නාරා ආයතනයට. මුහුදේ පර්යේෂණ කිරීමට තමයි මේ ආයතනය පිහිටෙව්වේ. නමුත් වසර 33 ක් තිස්සේ ඒ බලය තබාගෙන සිටියා. ජල ශාස්ත්‍රීය පනතක් පිිහිටුවීමට හේතු වුණේ මුහුදු කලාපයේ බලය අපට ලබා ගන්න. ඒ බලය අපට නොදීමට නාරා ආයතනය ගත යුතු සියලු  දේ කරන්න කටයුතු කළා. ඔවුන් අධිකරණයට පවා ගියා. මේ විෂය ගැන පශ්චාත් උපාධි පවා තිබෙන විශාල නිලධාරීන් පිරිසක් නාවික හමුදාවට සිටිනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya