ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    උතුරේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමේ කටයුතු වේගවත් කරනවා - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

    ජනවාරි 10, 2024

    ඉදිරිමාස දෙකතුළ රජය විසින් ඉඩම් අයිතිය ඉල්ලා සිටින උතුරේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදීමේ කටයුතු වේගවත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    අද(10)පාර්මේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයාගෙන් ඇසීමට වෙන්කරන ලද ප්‍රශ්නයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා නගන ලද ප්‍රශ්නයකට ළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකළේය .එමෙන්ම අනවසරයෙන් හෝ අවසරයෙන් දැනට පදිංචි ඉඩම්වල ජීවත්වන ජනතාව එම ඉඩම්වලින් කිසිවිටෙක එළවා නොදමනබවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය .එමෙන්ම යුධසමය තුළ පැවතිගැටලු විසදීමට ප්‍රමුඛත්වය ලබාදීමට ජනාධිපතිවරයා අවධානය යොමුකර ඇතිබවත් යාපනය සංචාරයේදීද ඒපිළිබද ජනාධිපතිවරයා අවධානය යොමුකළයුතුබවත් හෙතෙම මෙහිදී වැඩිදුරත් ප්‍රකාශ කළේය .තවද මෙම භූමිවල පදිංචිකරුවන් සියල්ලන්ටම හිමිවන සහන සියලුදෙනාටම ලබාදීම රජය ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන ඇතැයිද චාර්ල්ස් නිර්මලනාදන් මහතා නගන ලද ප්‍රශ්නයට වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය .සියලුදෙනාටම මිනිස්ජීවිතයේ පැවැත්ම ගෙනයාමට සියලු ආධාර හා වෙනත් ආධාර ලබාදීමට ‍රජය බැදීසිටින බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya