ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    විශ්‍රාමික පාරිතෝෂිතය ගෙවීම සඳහා අවශ්‍ය හිග මුදල් මේ වනවිට මුදල් අමාත්‍යාංශයෙන් ලැබී තිබෙනවා- එය විශ්‍රාමිකයන් ලෑබූ විශාල ජයග්‍රහණයක්

    ජනවාරි 10, 2024

    විශ්‍රාමික පාරිතෝෂිතය ගෙවීම සඳහා අවශ්‍ය මුදල් මේ වනවිට මුදල් අමාත්‍යාංශයෙන් ලැබී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අද පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.

    "වසර ගණනාවක් පුරා ප්‍රමාදවෙමින් පවතින විශ්‍රාමික පාරිතෝෂිතය ගෙවීම සඳහා වූ මුල්‍යමය අර්බුදයකට අපි මුහුණදුන්නා. ඒ අර්බුදය ලිහිල් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් අතර දීර්ඝව පැවැති සාකච්ඡාවන් නිසා ක්‍රමනුකූලව මෙය ලිහිල් කරගැනීම සඳහා වූ කාර්යට අවතීර්ණය වෙන්න පුළුවන් වුණා. ඒ අනුව 2023 දෙසැම්බර් මාසය මුදල් අමාත්‍යාංශය විසින් අපිට මුල්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීම විශ්‍රාමිකයින් මුහුණදුන් විශාල ජයග්‍රහණයක්."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya