ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    නව කැසීනෝ බලපත්‍ර කිසිවක් ලබාදී නැහැ- මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා

    ජනවාරි 10, 2024

    නව කැසිනෝහල් සඳහා එකදු බලපත්‍රයක් හෝ ලබා දී නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද(10)පාර්ලිමේන්තුවේදී පැවසීය.

    නව කැසිනෝ ශාලා 04ක් විවෘත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    කැසිනෝහල් සඳහා නව අයදුම්පත් 10ක් ලැබී ඇතත්, තවමත් එම අයදුම්පත් විවිධ අදියර යටතේ පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.නමුත් මෙතෙක් කල් නොමිලයේ හොරට කළ ව්‍යාපාරයක් අද වන විට නියාමනය කිරීමට හැකි වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

    හැමදාමත් මෙම සාම්ප්‍රදායික විරෝධතාවයන් නිසා මේ රට වලපල්ලට ගියා. අපි කැසිනෝ හල්වලට යැවීමට බලාපොරොත්තු වන්නේ මේ රටේ මිනිස්සු නොවෙයි.ඔවුන් හැකි පමණ අධෛර්යමත් කරමින් සංචාරකයින්ගෙන් මෙම ආදායම ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද කීය. කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීම සඳහා 2010 දීනව පනතක් හඳුන්වා දුන්නා. පසුගිය වසරේදී කැසිනෝ බලපත් නිසි පරිදි නියාමනය කළ බවත් බලපත් ගාස්තුව වශයෙන් රුපියල් මිලියන 500ක් ගෙවීම හඳුන්වා දී තිබේ. නැවත වසර 05කට පසුව බලපත් ගාස්තු ගෙවා අයදුම්පත්‍රය අලුත් කළ යුතු වේ.නිකම් තිබූ කැසිනෝහල් වලින් පසුගිය වසරේ කොට් 50ක් ලැබුණු බවද කීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya