ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    දරුවන්ට හානියක් නොවන උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇරඹේ- උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

    ජනවාරි 10, 2024

    දරුවන්ට හානියක් නොවන පරිදි උසස් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    විශ්ව විද්‍යාලආචාර්ය මහාචාර්යවරුන් සහ වෛද්‍ය වෘත්තිකයින් රට හැර යාම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා යොමු කළ වාචික් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය. විශ්ව විද්‍යාල ආචාර්ය සහ මහාචාර්යවරුන් රට හැර යාම සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට සිටින ආචාර්යවරුන්ගෙන් එම තත්වය කළමනාකරණය කරගනිමින් තිබෙන බවයි. රට හැර ගිය විද්වතුන්ගෙන් බහුතරයක් වෛද්‍ය වෘත්තිකයින් බවද හෙතෙම සඳහන් කළේය. වෛද්‍ය සභාව සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් මෙය අසාමාන්‍ය තත්වයක් බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දරුවන්ට අනාගත සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් කිසිදු හානියක් නොවන ආකාරයෙන් උසස් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි හෙතෙම පෙන්වාදුන්නේය.

    රටේ තිබෙන අර්බුදය නොතකාම වෛද්‍ය වෘත්තියේ යෙදී සිටින පිරිස් රට හැර ගොස් ඇති බවත් රට හැර යාම ඔවන්ගේ අයිතිය බවද කීය. නමුත් මහාචාර්යවරයෙක් රට හැර ගිය පසු නැවත මහාචාර්යවරයෙක් බිහිකිරීම සඳහා වසර 25ක් වත් ගතවන බව හෙතෙම කීය. වෛද්‍ය විශේෂඥයින්ගේ දීමනාව රුපියල් 35,000කින් ඉහළ දැමීමට සහ සරසවි ආචාර්යවරුන්ගේ දීමනවා 25%කින් වැඩි කිරීමට මේ වන විට කටයුතු කර ඇතැයිද කීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya