ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    මග නැවතුනු සබරගමුව වෛද්‍ය පීඨයේ වැඩ ඇරඹේ- රුපියල් බිලියන 40 ක් වෙන් කෙරේ

    ජනවාරි 10, 2024

    අතරමග නැවතී තිබෙන සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදි කිරීම සඳහා අවශ්‍ය රුපියල් බිලියන 40ක මුදලක් කර ඇති බවත් මේ වන විට එහි වැඩකටයුතු ආරම්භ කර ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා අද(10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඉදි කෙරුණු ගොඩනැගිලි සිසු අයිතියට පැවරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී යොමුකළ වාචික ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, වසරකට වෛද්‍ය සිසුන් 1500ක් වෛද්‍ය පීඨ වලට බඳවා ගත්තත් මෙම පිරිස ප්‍රමාණවත් නොමැති බවයි.

     

    සබරගමු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඩය සඳහා සෞදි රජයෙන් ණය ලබා ගෙන තිබුණද එම ණය නැවතී තිබුණා. නමුත් නැවත සාකච්ඡා කර අද වන විට සියලු ගෙඩනැගිලි අලුත්වැඩියා කර තිබෙනවා. දේශපාලනයෙන් ඔබ්බට ගිහින් ජාතියේ උසස් අධ්‍යාපනය ගොඩ නැගීමට ලබා දෙන සහයෝගයට ස්තුවන්ත වෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya