ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

    ජනවාරි 11, 2024

    දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා අද පස්වරු 3 දක්වා බල පැවැත්වෙන පරිදි නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි සංවිධානය පවසයි.


    ඒ අනුව අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙන දෙවැනි මට්ටමේ නිවේදනයක් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ,හගු‍රන්කෙත සහ ⁠නුවර එළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නිකුත් කර ඇත.
    එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ,බදුල්ල, ලුනුගල , ඇල්ල , හාලි ඇල , ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව , කලුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය , බුලත්සිංහල , මතුගම , මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ , කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල , දෙහිඹ්විට , යටියන්තොට , ⁠දැරණියගල, මාතලේ  දිස්ත්‍රික්කයේ රත්තොට , උකුවෙල , මාතර දිස්ත්‍රික්කයේ කොටපොල , පිටබැද්දර , මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල , රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ , බලන්ගොඩ ,ඇහැලියගොඩ ප්‍රදේශවලට විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දෙන දෙවන මට්ටමේ නිවේදනයක් නිකුත් කර තිබේ .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya