ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය සේවයේ ජීවන වියදම් දීමනාව සංශෝධනය කරමින් නව චක්‍රලේඛයක්

    ජනවාරි 11, 2024

    රජය විසින් ප්‍රකාශිත 2024 අයවැය යෝජනා අනූව රජයේ නිලධාරීන් වෙත හා විශ්‍රාමිකයන් වෙත ජීවන වියදම් දීමනාව ගෙවීම සහ රජයේ නිලධාරීන්ගෙන් වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් අයකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් ඊයේ (10) චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

    මෙම චක්‍රලේඛයට අනූව දැනට රාජ්‍ය සේවකයින්ට ගෙවන ජීවන වියදම් දීමනාව වන රුපියල් 7800 ට 2024 අයවැය යෝජනාව අනූව වැඩි කරන ලද ජීවන වියදම් දීමනාව වන රුපියල් 10,000න් 50%ක් වන රුපියල් 5000ක් එකතු කර රුපියල් 12800ක මුදලක් ජනවාරි මස සිට ගෙවනු ලබයි.

    අප්‍රේල් මාසයේ සිට වැඩිකරන ලද ජීවන වියදම් දීමනාවෙන් ඉතිරි 50% වන රුපියල් 5000 හිමිවන බවද, ඒ අනූව රුපියල්  17,800 ක ජීවන වියදම් දීමනාවක් අප්‍රේල් සිට ගෙවනු ලබයි.

    2024 ජනවාරි සිට මාර්තු දක්වා හිඟ ජීවන වියදම් දීමනාව 2025 වසරේ අනවාරි සිට මාර්තු තෙක් රුපියල් 5000 බැගින් ගෙවා අවසන් කරනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya