ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    වසරේ පළමු සතිය තුළ සංචාරකයින් 45,000ක් මෙරටට පැමිණේ

    ජනවාරි 11, 2024

    මෙම වසරේ මුල් සතිය තුළදී සංචාරකයින් 45,303 ක් මෙරටට පැමිණ  ඇතැයි බව  සංචාරක,ඉඩම්,ක්‍රිඩා  හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා  පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11)  කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

    “Sri Lanka - You’ll come back for more” වැඩපිළිවෙළ යටතේ 2024  වර්ෂයේ දි සංචාරකයින් ලක්ෂ 23ක් මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය. මෙරටට වැඩිම සංචාරකයින්  පිරිසක් පැමිණ ඇත්තේ, රුසියාව සහ ඉන්දියාව වැනි රටවලින් වේ.

    වසර 15කට පසුව  සංචාරක  ක්ෂේත්‍රයේ දැවැන්තම ප්‍රචාරණය  පසුගිය වසරේ සිදු කල හෙයින් මෙවැනි වර්ධනයක් සිදු වු  අමත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එසේම මේ වසර තුළ ද නව සංකල්ප යටතේ සංචාරක  ක්ෂේත්‍රයේ  තුළ සංචාරකයින් ආකර්ෂණ කර ගැනීමට බලාපොරොත්තු වන බවත්,ඒ අතර “sports Tourism” සදහා  වැඩි අවධානය යොමු වි තිබෙන බවත් කිය.එසේම ලංකාවේ අලුත් සංචාරක ස්ථාන හදුනාදිමට ද බලාපොරොත්තු වන බවයි.

    එසේම මේ වසරේ අලුත් රටවල් කිහිපයකින් සංචාරකයින් ගෙන්වා ගැනීම සදහා ප්‍රචාරක කටයුතු මේ වන නිරතවිමට ද නියමිත බව අමාත්‍යවරායා කිය.ඒ අතර ඕස්ටේලියාව, ජපානට, ද.කොරියාව ප්‍රමුඛ වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya