ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    වනිඳුගේ සුපිරි පන්දු යැවීමෙන් ශ්‍රී ලංකා පිළට පහසු ජයක්

    ජනවාරි 12, 2024

    සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ(11) කොළඹ ආර්. ප්‍රේමදාස පැවැති තුන්වැනි සහ අවසන් එක්දින තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    මෙම තරගයේදී කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර වර්ෂාව හේතුවෙන් අවස්ථා කිහිපයකදී, තරගය තාවකාලිකව නතර කිරීමට ද සිදුවිය. ඒ අනුව වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 27කට සීමා කරන ලදි.

    සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 22යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 96ක් පමණි. අබාධයකින් පසු නැවතත් ජාත්‍යන්තර පිටියට පවිස සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග තම එක්දින දිවියේ සාර්ථකම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 19කට කඩුලු 07ක් බිඳ දැමීය.

    ලකුණු 97ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය ජය ගැනීමට සමත් විය. නායක කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 66යි. ඒ අනුව 2-0 ලෙසින් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

    තරගාවලියේ වීරයා ලෙස නවක ක්‍රීඩක ජනිත් ලියනගේ නම් කළ අතර ඊයේ (11) තරගයේ වීරයා ලෙස වනිදු හසරංග නම් කරන ලදි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya