ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් නාවික හමුදා භාරයට

    ජනවාරි 14, 2024

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජනවාරි මස 13 වන දින සවස් කාලයේ යාපනයකරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ  සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් දෙළොස් පසුගියදා (12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. 

    ඒ අනුව2024 ජනවාරි මස 13 වන දින මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු  නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කරඑම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් එම විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදීකරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් දෙළොස් දෙනෙකු (12) මෙලෙස  නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.   

    මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා තුන (03) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දොළොස් දෙනා (12) කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතරඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya