ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දියාවෙන් නොමිලේ දෙන දුම්රිය එන්ජින් බැලීමට හැටපහක් ගිය කතාව අසත්‍යයක්

    ජනවාරි 14, 2024

    ඉන්දියානු රජයෙන්  නොමිලයේ ලබා දෙන දුම්රිය එන්ජින් දෙක බැලීමට 65 දෙනෙකු ඉන්දියාවට ගිය බව කියන කතාව සම්පූර්ණයෙන් අසත්‍යයක් බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා අද (14) මේ බව පැවසුවේ දුම්රිය එන්ජින් ගණුදෙනුව පිලිබඳ සත්‍ය හෙළිදරව් කිරීම යන මැයෙන් අද(14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිණි.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ මෙම පිරිස වෙනුවෙන් මෙරට රජයෙන් වැය වූයේ එක් පුද්ගලයෙකුට ඩොලර් 80 බැගින් ඩොලර් 400ක් පමණක් බවයි. මෙතරම් විශාල දුම්රිය තොගයක් මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබෙන්නේ පළමු වතාවට බවත්, මෙම සිදුවීම නිසා ඉන්දියානු රජයට යම් අපහාසයක් සිදු වූවේ නම් ඒ වෙනුවෙන් ඉන්දියානු රජයෙන් සමාව අයදින බවද හෙතෙම පැවසීය.

    නොමිලයේ දෙන දුම්රිය එන්ජින් දෙක බලන්න ලංකාවෙන් 65ක් ඉන්දියාවට යයි යන සිරිස්තලය ඔස්සේ පුවත්පතෙහි  මුල් පිටුවේ පළ වූ එම පුවත ඉතාමත් ද්වේෂ සහගත ලෙස පළකර ඇතැයිද අමාත්‍යවරයා කීය. එම ප්‍රවෘත්තිය නිවැරදි කරන ලෙස එම පුවත්පත් ආයතනයෙන් ඉල්ලා  සිටින බවද අමාත්‍යවරයා කීය. දීර්ග කාළීනව මෙරටට පොදු ප්‍රවාහනය සැපයූ දුම්රිය දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලැබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා දුම්රිය අලුත්වැඩියාවන් සිදු කළේ විවිධ රටවල ණය ආධාර යටතේ බවද කීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රවාහන අමාත්‍යවරයා පැවසුවේ,

    ඉන්දියාව අපිට වඩු වේගයෙන් තාක්ෂණික අතින් දියුණු වෙමින් තිබෙනවා. ඔවුන් මේ වන විට විදුලි දුම්රියට මාරුවෙමින් තිබෙනවා. එම නිසා හිටපු ඉන්දියානු මහ කොමසාරිස් වරයාගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව තමයි , දැනට ඉන්දියාවේ ධාවනය වන දුම්රිය 20ක් මෙරටට ලබා දීමට එකග වුණේ.මෙම දුම්රිය 20න් වඩා ගැළපෙන දුම්රිය තෝරා ගැනීම සඳහා ඉංජිනේරුවන් එවන ලෙස ඉන්දියානු රජයෙන් කළ ඉල්ලීමට අනුව තමයි මෙම පිරිස ගියේ. ඒ සඳහා  අවශ්‍ය ගුවන් ටිකට්පත් පවා ලබා දුන්නේ ඉන්දියානු රජයයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya