ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ තෛපොංගල් දින පණිවිඩය

    ජනවාරි 15, 2024

    හින්දු සංස්කෘතියේ විශිෂ්ටත්වය විදහා දක්වන ජාතික උත්සවයක් බවට ‘තෛයිපොංගල්’ දිනය පත්ව ඇති බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඉන් කෘෂිකාර්මික අර්ථ රටාවකට උරුමකම් කියමින් සාමය, එකමුතුව, දයාව මූලික වූ සාරධර්මයන් මූර්තිමත් කරන බව තෛයිපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා සඳහන් කරයි.

    අගමැතිවරයා නිකුත්න්දු කළ තෛපොංගල් පණිවිඩය පඒතින් දැක් වේ.

    සංස්කෘතියේ විශිෂ්ටත්වය විදහා දක්වන ජාතික උත්සවයක් බවට පත් 'තෛයිපොංගල්කෘෂිකාර්මික අර්ථ රටාවකට උරුමකම් කියමින් සාමයඑකමුතුවදයාව මූලික වූ සාරධර්මයන් මූර්තිමත් කරයි.

    ස්වභාවධර්මය සමඟ බැඳි සම්ප්‍රදායික ජීවන රටාව කෙරෙහි විශ්වාසයෙන් දමිළ ගොවි ජනතාව සරු අස්වැන්නක් ලබා ගැනීම උදෙසා සූර්යයාට කෘතඥතාව පුදන මෙම අස්වැන්නේ මංගල්‍යය දැයේ ජීවනාලියේ පිළිබිඹුවක් වනු ඇත.

    එය වත්මන් තත්ත්වයන් හමුවේ ආහාර සුරක්ෂිතතාවය සහ ග්‍රාමීය පුනර්ජීවනය සඳහා වන සක්‍රීය සංකල්පයට උත්තේජනයක් වනු ඇත.

    අපේක්ෂාවන් ඉටුවන ඵලබර නව වසරක උදාව සනිටුහන් කරමින් තෛපොංගල් උත්සවය සමරන ලොව පුරා වෙසෙන ජනතාවට සුභ පැතුම් එක් කරමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya