ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    අධික වර්ෂාවෙන් හානියට පත් අම්පාර - ගල්කන්ද මාර්ගය ප්‍රවාහන අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

    ජනවාරි 15, 2024

    පසුගිය දිනවල නැගෙනහිර පළාතට ඇද හැලුණු අධික වර්ෂාවෙන් හානියට පත් අම්පාර - ගල්කන්ද මාර්ගය නිරීක්ෂණය කිරීමට ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් වීරසිංහ මහතාගේ.ඉල්ලීමකට අනුව අද(15) පෙරවරුවේ එක්විය.


    අධික වර්ෂාව හේතුවෙන් ජයන්ති වැව පිටාර ගැලීම නිසා ජයන්ති ඇල කිව්ලේගම ප්‍රදේශයෙන් අම්පාර - ගල්කන්ද මාර්ගය හරහා ගලායෑම නිසා මාර්ගය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇත.
    මාර්ගයට සිදුව ඇති විනාශය සියැසින් දැක බලාගත් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම ජලගැලීම නිසා ප්‍රදේශයේ ජනතාවට ඇතිවී ඇති හානිය පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍යවරයා ඔවුන්ගේ ගම්බිම් නැවත යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ සම්පත් ලබා දෙන ලෙසද මාර්ග සංවර්ධන අධිකාරියේ නැගෙනහිර පළාත් අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබා දෙන ලදී.
    මෙම අවස්ථාවට අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. වීරකෝන්, මාර්ග සංවර්ධන අධිකාරිය නැගෙනහිර පළාත් අධ්‍යක්ෂ එම්. බී. අලියාර්, දමන ප්‍රාදේශීය ලේකම් ඒ. එම්. ඒ. කුමාරි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya