ජූනි 10, 2025
tami eng youtube  twitter facebook

    යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 877 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ජනවාරි 16, 2024

    යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 877 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.

    එම මෙහෙයුම් දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක ය.

    පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුම්වලදී අත්අඩංගුව ගත් සැකකරුවන් 877 දෙනා අතුරින් 4 දෙනෙකු රැදවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ෂණ සිදු කෙරෙන බව පොලිසිය සදහන් කළේය.

    එමෙන්ම මෙම පිරිස අතර සිටි මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වු පුද්ගලයින් 14 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට කටයුතු කර තිබේ.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හා විශේෂ කාර්යාංශයේ ලේඛන ගත සැකකරුවන් අතර සිටි 28 දෙනෙකු ද මෙම මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.

    හෙරොයින් ග්‍රෑම් 475ක්, අයිස් ග්‍රෑම් 501ක්, ගංජා කිලෝ ග්‍රෑම් 7යි ග්‍රෑම් 900ක් ඇතුලු තවත් මත්ද්‍රව්‍ය තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya