ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ආසියා ශාන්තිකර වෛද්‍ය අධ්‍යාපන සම්මන්ත්‍රණය ප්‍රථම වරට ලංකාවේදී

    ජනවාරි 17, 2024

    ආසියා ශාන්තිකර වෛද්‍ය අධ්‍යාපන සම්මන්ත්‍රණය මෙවර ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව  කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති එච්. ඩී. කරුණාරත්න මහතා පවසයි.

    උපකුලපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී ආසියා ශාන්තිකර වෛද්‍ය අධ්‍යාපන සම්මන්ත්‍රණය පිළිබඳව  දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    මෙම සමුළුව ජනවාරි 15 වනදා ඇරඹුණු අතර 21 වනදා දක්වා ක්‍රියාත්මක යැයිද, 15 සහ 16 යන දෙදින මාර්ගගතවද, 18 වනදා සවස සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ අධ්‍යාපන අමාත්‍යවරයාගේද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් වලද සහභාගීතක්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බව බව  කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ආසියා ශාන්තිකර වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ සම්මන්ත්‍රණය දීර්ඝ කාලයක් මුළුල්ලේ සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය විසින් හඳුන්වාදෙනු ලැබූ ව්‍යාපෘතියක් බවද, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය මේ සඳහා ජාත්‍යන්තර වශයෙන් අයදුම් කර තරඟ කර මෙම අවස්ථාව කොළඹ විශ්ව විද්‍යාලයට ලබාගත් බවද පැවසුවේය.

    මෙය ඉතාම වටින අවස්ථාවක් බවද, ජාත්‍යන්තරව ගත් කළ වෛද්‍ය අධ්‍යාපනයේ ආසියාවේ ඉතා පුළුල්ම සමුළුව ලෙස දැක්විය හැකි බවද ආසන්න වශයෙන් 900 දෙනෙකු පමණ සහභාගී වන මෙම සම්මන්ත්‍රණය සඳහා රටවල් 37කින් නියෝජිතයන් පැමිණෙන බවද සඳහන් කළේය.

    සම්පත් දායකයින් වශයෙන් 100කට අධික වෛද්‍ය ක්ෂේත්‍රය තුළ සිටින කතිකයින් මෙම සම්මන්ත්‍රණයේදී ඔවුන්ගේ පර්යේෂණ ඉදිරිපත් කරන බවද ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ආරම්භක වැදගත්ම දෙපාර්තමේන්තුවක් වන කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ දෙපාර්තමේන්තුව මේ සඳහා නායකත්වය දෙන බවද පැවසුවේය.

    මෙම සමුළුව සඳහා විදේශ වෛද්‍ය වෘත්තිකයන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල සියලුම වෘත්තිකයන් මෙම සමුළුව නියෝජනය කරන බවද මෙහිදී වැඩමුළු 25ක් සංවිධානය කරන අතරම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල දේශන, අදාල වෘත්තියවේදීන් දැනුවත්කිරීම සිදුවන බවද පැවසුවේය.

    මෙම සමුළුවේ තේමාව වනුයේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා කෘතිම බුද්ධිය යොදාගන්නේ කෙසේද යන්න දැනුවත් කිරීම බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya