ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ත්‍රීරෝද රථවලට QR කේතයක් හඳුන්වා දීමට පියවර ගන්නවා

    ජනවාරි 17, 2024

    දැනට ත්‍රීරෝදරථ රියැදුරන් ලෙස කටයුතු කරනු ලබන සියලුදෙනා ලියාපදිංචි කරමින් දත්ත පද්ධතියක් සකස්කිරීමට අදාළව QR කේතයක් හඳුන්වා දෙන ලෙසට ඉදිරිපත් වූ යෝජනාව සලකා බලමින් ඉතා කෙටි කාලයක් තුළ දී නව කේතය හඳුන්වාදීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

    ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීය කවුන්සිල පිහිටුවීමේ පළමු අදියර ලෙස අන්තර්වාර ආංශික මෙහෙයුම් කමිටුව ඊයේ (16) දින පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කර ඇත.

    එමෙන්ම ත්‍රීරෝදරථ රියැදුරන් සඳහා වූ පිහිටුවන ලබන වෘත්තීය සංවිධානය මගින් අන්තර්ජාලය හරහා ත්‍රිරෝදරථ රියැදුරන්ට ගමන්වාර ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස්කිරීම සම්බන්ධව ද මෙහි දී සාකච්ඡාවට බඳුන් වී තිබේ.

    මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනා හට වෘත්තීය ගරුත්වය සහ අභිමානය ලබාදීමට ආරම්භ කළ “ගරු සරු” වැඩසටහන යටතේ මෙම මෙහෙයුම් කමිටුව පිහිටුවා ඇති අතර මෙම අන්තර්වාර මෙහෙයුම් කමිටුව විසින් ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය භාවය සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීමට අදාලව  ත්‍රිරෝදරථ රියැදුරන් සඳහා වූ වෘත්තීය කවුන්සිලය පිහිටුවන තෙක් ක්‍රියාත්මක වීමට නියමිතය.

    මෙම අන්තර්වාර ආංශික කමිටුව මෙරට ක්‍රියාත්මක සියලුම ත්‍රිරෝදරථ රියැදුරු සංගම්වල නියෝජිතයින්ගෙන් සමන්විත අතර ඔවුන් මීට පෙර පැවැත්වූ සාකච්ඡාවන් හි දී සිය වෘත්තියේ ගරුත්වය වර්ධනය කිරීමට අදාලව එකඟතාවයට පත් වූ කරුණු සමන්විත යෝජනාවලියක්ද ඊයේ (16) දින අමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබීය.

    එහි දී මෙම යෝජනා බලාත්මක කිරීමට අදාල නෛතික පසුබිම සපයමින් එම යෝජනා නව රැකීරක්ෂා පනත යටතේ ගැසට් කිරීමට කඩිනමින් පියවරගන්නා බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

    මේ අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දිවයින පුරා ගරු-සරු වැඩසටහන පිළිබඳව පැවැත්වීමට නියමිත දැණුවත් කිරීමේ වැඩසටහන් වලට එක්වීමට ද අන්තර්වාර ආංශික කමිටුව සිය එකඟතාව පළ කරනු ලැබීය.

    ත්‍රිරෝද රියැදුරන්ගේ වෘත්තීය භාවය සහ සේවාවේ ගුණාත්මක භාවය වර්ධනය කිරීමට අමාත්‍යවරයා විසින් ගෙනයන වැඩපිළිවෙලට  කමිටු සමාජිකයින් සිය සතුට පළකළ අතරම සිය සංවිධානයේ ඉදිරි කටයුතු කරගෙන යාමට ඇතැම් රාජ්‍ය ආයතන තුල යම් බාධා පවතින බව ද කමිටු සමාජිකයෝ පෙන්වා දුන්හ.

    ඒ අනුව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ පනත සංශෝධනය කිරීමට පවතින ප්‍රමාදයක් දැඩි අභියෝගයක් වී ඇති බව ද කමිටු සමාජිකියන් පෙන්වා දුන් අතර එහි දී ක්‍රියාත්මක වූ අමාත්‍යවරයා නීති කොටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව මේ සම්බන්ධයෙන් දැණුවත් කිරීමට ද පියවර ගනු ලැබීය.

    මෙහි දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ත්‍රිරෝදරථ රියැදුරන්ගේ වෘත්තීයභාවය සහ ඔවුන්ගේ ප්‍රමිතීන් ඔවුන් විසින්ම සකස් කර දියයුතු බවත් අමාත්‍යවරයා වශයෙන් තමන් එම යෝජනා බලාත්මක කිරීමට අවශ්‍ය නෛතික පසුබිම සකස්කර දීම පමණක්  සිදුකරන කරන බවයි.

    එමෙන්ම කිසිම අවස්ථාවක සමාජ ආරක්ෂණ කටයුතු සඳහා පුද්ගලික අංශයේ රක්ෂණ සමාගම් හෝ වෙනත් කිසිම පාර්ශවයක් එක්කර නොගන්නා බවට ද අමාත්‍යවරයා මෙහි දී සහතික විය.

    ඒ අනුව මෙරට දැනට ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ ක්‍රමවේද මෙන්ම පූර්ණ රාජ්‍ය මැදිහත්වීම මත මෙම නව සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන්ට ක්‍රියාත්මක වන බවට අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya