ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    සියළු ව්‍යපාර වැට් බදු ගෙවීමට යටත් කලොත් පොත්පත් සියල්ලේ වැට් බද්ද අඩු කල හැකියි.

    ජනවාරි 18, 2024

    සියළු ව්‍යපාර වැට් බදු ගෙවීමට යටත් කලොත් පොත්පත් සියල්ලේ වැට් බද්ද අඩු කල හැකි වන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ සරසවි පොත්  මැදුර නව ශාඛාවක් අද( 18) පානදුර නගරයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.

    1973 වර්ෂයේ ආරම්භ කර ඇති  සරසවි සමූහ ව්‍යාපාරයේ 30 වන ශාඛාව මෙය වේ. මෙම අවස්ථාවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ,

    මෙතෙක් කල් පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ පොත්පත් වලට වැට් බද්දක් තිබුණේ නැහැ. අලුතෙන් 18%ක වැට් බද්දක් පැනෙව්වා කිව්වහම මාධ්‍යයේ ප්‍රචාරණය කෙරෙන ආකාරයට ඒක විශාල පීඩනයක් ඇතිවෙන දෙයක් ලෙස නම් කරනවා. අගයානුකූල බද්ද එනම් වැට් බද්ද මීට පෙර පසුගිය රජය යටතේ 15% ක්ව තිබුණා. නමුත් ඒ අවස්ථාවේදී නිදහස් භාණ්ඩ ලැයිස්තුවේ තමයි පොත්පත් තිබුණේ. අදත් සහල්, එළවළු, පලතුරු, තේ දළු වැනි ප්‍රාථමික තත්ත්වයේ භාණ්ඩවලට වැට් බද්දක් නැහැ. අගයානුකූල බද්දේ අර්ථය තමයි එකතු කරන අගයක් තිබුණොත් පමණයි බදු බැඳියාවට යටත් වන්නේ.

    පොත් වලට 18% ක වැට් බද්දක් ඇය කරන්නේ පොත් මිලදී ගැනීමේදී යෙදවුම් පිරිවැය අඩු කර ලැබෙන මුදලට පමණයි වැට් බද්ද ගෙවන්න වෙන්නේ. නමුත්  තියෙන ප්‍රශ්නය පොත්පත් වලට වැට් බදු අය කළාම බද්ධට යටත් වන සීමාව වෙන්නෙ මිලියන 60 වඩා වැඩි නම් තමයි බදු බැඳියාව ඇතිවෙලා තියෙන්නෙ ඒ නිසා විශාල පරිමාණයේ පොත් ප්‍රකාශන දහ පහළොස් දෙනෙක් තමයි වැට් බද්දට යටත් වෙන්නේ.බහුතරයක් පොත් සාප්පු හිමියන් වැට් බද්දෙන් නිදහස් වෙනවා. මේ තත්ත්වය අපි අදාළ ක්ෂේත්‍ර වලට පැහැදිළි කර තියෙනවා. වැට් බද්දේ බර අඩු කරන්න පුළුවන් එකම ක්‍රමය අපි සියලු දෙනා, සෑම ව්‍යාපාරිකයෙක් විසින්ම කුඩා හෝ එකතු කළ අගයට බද්දක් ගෙව්වොත් පමණයි. ඔක්කොම බදු ගෙවනවා නම් ඒ අය කරන බදු ප්‍රතිශතය අඩුවෙනවා. එතකොට මේ අර්බුදය විසඳෙනවා.

    හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ දීප්තිමත්, කීර්තිමත් ආදිෂ්‍යයෙක් තමයි ප්‍රේමසිරි මහත්මා. මධ්‍ය විද්‍යාල පරම්පරාවේ ඇතමෙක් අපේ රට තුළ විවිධ ක්ෂේත්‍රවල ප්‍රතිභා, ප්‍රභා සහිත යම්කිසි වටිනාකමක් ජාතියට එකතු කරලා තියෙනවා. ව්‍යාපාර ක්ෂේත්‍රයේ පුංචිම තැනින් ආරම්භ කරලා අනේක විධි දුක් දොම්නස්සයන්ට මුහුණ දෙමින් විවිධ අපහාස උපහාස වලට මුහුණ දෙමින් සාර්ථක ව්‍යාපාරික ගමනක් ගිහිල්ලා ජාතික අවශ්‍යතාවයන් ඉෂ්ඨ කරන්න ව්‍යවසායකයෙක් ලෙස එතුමා දක්වපු මෙහෙවරට අපි ගරු කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya