ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    අලුතෙන් පවුල් ලක්ෂ 3කට අස්වැසුම ප්‍රතිලාභ

    ජනවාරි 19, 2024
    අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ විරෝධතා සහ අභියාචනා 640,000ක් සලකා බැලීමෙන් අනතුරුව ලක්ෂ 3ක පවුල් සංඛ්යාවක් අලුතින් අස්වැසුම ප්රතිලාභ සඳහා සුදුසුකම් ලබා ඇති බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙයි.
     
    ඒ අනුව අස්වැසුම ප්රතිලාභ ලබන පවුල් සංඛ්යාව ලක්ෂ 17 ඉක්මවා ඇති අතර අලුතෙන් තේරී පත් වූ පවුල් වෙත ජූලි මස සිට දෙසැම්බර් මාසය දක්වා වූ වාරික ඉදිරියේ දී බැංකු වෙත මුදා හැරීමට කටයුතු කරනු ඇත.
    අභියාචනා සහ විරෝධතා හේතුවෙන් තේරීපත්ව සිටි අස්වැසුම ප්රතිලාභි පවුල් 5,209ක් නුසුදුස්සන් බවට පත්ව ඇති අතර තවත් පවුල් 2,567ක් තමන් ප්රතිලාභ ලබමින් සිටි මට්ටමෙන් පහළට ගමන් කර තිබේ.
    පවුල් 50,882ක පිරිසක් සිය ප්රතිලාභ මට්ටමේ ඉහළට ගමන් කර ඇත.
    ලක්ෂ 11කට ආසන්න අභියාචනා සහ විරෝධතා ප්රමාණයක් ලැබී තිබූ අතර හැකි ඉක්මණින් එවා සලකා බැලීමට ද අවසන් කරණු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya