ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ආසියා ශාන්තිකර වෛද්‍ය අධ්‍යාපන සමුළුව ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී

    ජනවාරි 19, 2024

    වෛද්‍ය අධ්‍යාපනය සඳහා කෘතිම බුද්ධිය (AI තාක්ෂණය) යොදාගැනිම පිළිබදව දැනුවත්භාවය ලබාගැනීමට මෙම සමුළුව කදිම වේදිකාවක් වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.


    ආසියා ශාන්තිකර වෛද්‍ය අධ්‍යාපන සමුළුව (Asia Pacific Medical Education Conference - APMEC) මෙවර ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි.
    ජනවාරි 15 වනදා ඇරඹුණු මෙම සමුළුව 21 වනදා දක්වා ක්‍රියාත්මක අතර, එහි තෙවන දිනය වන ඊයේ (18) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් වල සහභාගීත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විනි.
    මෙම ආසියා ශාන්තිකර වෛද්‍ය අධ්‍යාපන සමුළුවේ තේමාව වන්නේ, "සෞඛ්‍ය වෘත්ත්නීගේ අධ්‍යාපනයට කෘතිම බුද්ධියේ ඇති වැදගත්කම - ප්‍රවණතා, ගැටළු, ප්‍රමුඛතා, උපාය මාර්ග (Artificial Intelligence in Health Professions Education –Trends, Issues, Priorities, Strategies) යන්නයි. මෙම තේමාව සෞඛ්‍ය සේවා සැපයීම, අධ්‍යාපනය සහ පර්යේෂණ සඳහා කෘතිම බුද්ධියේ (AI) වැඩෙන වැදගත්කම සහ බලපෑම පිළිබිඹු කරයි.
    මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ APMEC සමුළුවෙහි 2024 හි අරමුණ වන්නේ සෞඛ්‍ය වෘත්තීන් අධ්‍යාපනය සඳහා AI හි බලය උපයෝගී කර ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඔවුන්ගේ අත්දැකීම්, තීක්ෂ්ණ බුද්ධිය සහ හොඳම භාවිතයන් බෙදා ගැනීමට වෛද්‍ය අධ්‍යාපනඥයින්ට සහ පාර්ශවකරුවන්ට වේදිකාවක් සැපයීම බවයි. මෙය ඉතාම වටින අවස්ථාවක් බවද, ජාත්‍යන්තරව ගත් කළ වෛද්‍ය අධ්‍යාපනයේ ආසියාවේ ඉතා පුළුල්ම සමුළුව ලෙස දැක්විය හැකි බවද පැවැසිය. ආසන්න වශයෙන් 900 දෙනෙකු පමණ සහභාගී වන මෙම සම්මන්ත්‍රණය සඳහා රටවල් 37 කින් නියෝජිතයන් පැමිණෙන බවද සඳහන් කළේය.
    සම්පත් දායකයින් වශයෙන් 100කට අධික වෛද්‍ය ක්ෂේත්‍රය තුළ සිටින කතිකයින් මෙම සම්මන්ත්‍රණයේදී ඔවුන්ගේ පර්යේෂණ ඉදිරිපත් කරන බවද ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ආරම්භක වැදගත්ම දෙපාර්තමේන්තුවක් වන කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ දෙපාර්තමේන්තුව මේ සඳහා නායකත්වය දෙන බවද පැවසුවේය. මෙම සමුළුව විදේශ වෛද්‍ය වෘත්තිකයන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල සියලුම වෘත්තිකයන් නියෝජනය කරන බවද මෙහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාල දේශන, අදාල වෘත්තියවේදීන් දැනුවත්කිරීම සිදුවන බවද පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya