ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    තිරසර ආර්ථිකයක් සඳහා ප්‍රතිසංස්කරණ ඉදිරියට රැගෙන යාමේ අවශ්‍යතාව IMF නියෝජිතයෝ අවධාරණය කරති

    ජනවාරි 21, 2024

    තිරසර ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා සිදු කර ඇති ප්‍රතිසංස්කරණ ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ අවධාරණය කරති.

    ඔවුන් පෙන්වා දෙන්නේ දැනට සිදු කර ඇති ප්‍රතිසංස්කරණ සහ ඒවා සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහය අගය කරන බවයි. සිය සංචාරය සමාප්ත කරමින් වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේ දී ඔවුහු මේ බව කියා සිටියහ. අමාත්‍ය සේමසිංහ මහතා පැවසුවේ රාජ්‍ය මූල්‍ය කළමණාකරණය, යහපාලන භාවිතාවන් සහ ද්විපාර්ශවික ණය හිමියන් සමඟ ඇතිකරගත් ප්‍රතිපත්තිමය එකගතා පදනම් කරගත් අවසන් ගිවිසුම් කරා ගමන් කිරීම මෙන්ම වාණිජ සහ පෞද්ගලික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කළ බවයි.  ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහ අභියෝගවලට ඔරොත්තු දෙන ආර්ථිකයක් ඇතිකිරීමට කැපවී කටයුතුකිරීමේ වැදගත්කම පිළිබඳ කරුණු සාකච්ඡා කෙරුණු බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. සේමසිංහ මහතා පැවසුවේ වර්තමානයේ රට තුළ ක්‍රියාත්මක වන්නේ අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ බවත්, ඉන් ඉවත්වීමට කටයුතු කිරීම යළි අර්බුදයකට අතවැනීමක් බවත් මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අවධාරණය කළ බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya