ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    අතු­රු­ගි­රිය මංස­න්ධියේ වාහන තද­බ­ද­යට කඩි­න­මින් තිත තිය­නවා

    ජනවාරි 22, 2024

    අතු­රු­ගි­රිය මංස­න්ධියේ පව­තින රථ වාහන තද­බ­දය වැළැ­ක්වී­මට අවශ්‍ය ක්‍රියා­මාර්ග කඩි­න­මින් අර­ඹන බව ප්‍රවා­හන, මහා­මාර්ග හා ජන­මාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා පැව­සීය.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ දීර්ඝ කාල­යක් තිස්සේ පටන් අතු­රු­ගි­රිය මංස­න්ධියේ පැය­කට අධික කාල­යක් පුරා දැඩි වාහන තද­බ­ද­යක් ඇති වන බවට ලැබෙන මහ­ජන පැමි­ණිලි කෙරෙහි අව­ධා­නය යොමු කර, එය නිරී­ක්ෂ­ණය කිරීම සඳහා පසු­ගි­යදා ඒ ස්ථාන­යට පැමිණි අව­ස්ථා­වේ­දීය.

    මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ අධ්‍යක්ෂ ජන­රාල් එස්. වීර­කෝන්, කඩු­වෙල නාග­රික කොම­සා­රිස් දිල්රුක්ෂි ගමගේ, ගාමිණී හෙට්ටි­ආ­රච්චි මහත්ම මහ­ත්මීන්, මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ හා නාග­රික සංව­ර්ධන අධි­කා­රියේ උසස් නිල­ධා­රීන්, ප්‍රදේ­ශයේ මහ­ජන නියෝ­ජි­ත­යන්, වෙළෙඳ සංගම් නාය­ක­යන් හා ව්‍යාපා­රික ප්‍රජාව මේ අව­ස්ථා­වට එක් වූ අතර, ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා ඔවුන් සමඟ සාකච්ඡා කළේය.

    මෙහිදී අතු­රු­ගි­රිය මිලේ­නි­යම් සිටි හා වානේ සංස්ථාව හරහා කාපට් කර නිම­ව­මින් පව­තින මාර්ගය අතු­රු­ගි­රිය මංස­න්ධි­යට එක් වන විට ඉන් ඔබ්බට මාර්ගය දෙපස ඇති ව්‍යාපා­රික ස්ථාන ඉවත් කොට ඒ සඳහා වන්දි ගෙවීමේ ක්‍රම­වේ­දය කඩි­නම් කර ව්‍යාපෘ­තිය කෙටි කල­කින් නිම කිරී­මට අදාළ සියලු පාර්ශ්ව­යන්ගේ රැස්වී­මක් කඩි­න­මින් කැඳ­වන ලෙස කඩු­වෙල ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රයා වෙත ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා උප­දෙස් දුන්⁣නේය.⁣

     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya