ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය ඇමතීමට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාට ඇරයුම්

    ජනවාරි 22, 2024

    කීර්තිමත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය ඇමතීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මහතාට ඇරයුම් කරනු ලැබ තිබේ.

    හෙට(23) පැවැත්වෙන සිය දේශනයේදී ආර්ථික ප්‍රතිසාධනය උදෙසා ශ්‍රී ලංකාව ගමන් ගන්නා මාර්ගය සම්බන්ධයෙන් අමාත්‍ය අලි සබ්රි මහතා අදහස් දක්වනු ඇත.

    1815 වසරේදී ආරම්භ කරනු ලැබූ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය ලොව පැරැණිතම විවාද සමාජය වන අතර බලපෑම් කළ හැකි කථිකයන්ට ඇරයුම් කිරීම සම්බන්ධයෙන් හා බුද්ධිමය සංවාද දිරිමත් කිරීම සම්බන්ධයෙන් එය ඓතිහාසික වශයෙන් ප්‍රසිද්ධියට පත් වී තිබේ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය ඇමතීම පිණිස මීට පෙර ආරාධනා ලැබූ කථිකයන් අතර වින්ස්ටන් චර්චිල්, තියඩෝර් රූස්වෙල්ට්, බිල් ගේට්ස් සහ ස්ටීවන් හෝකින් වැනි ප්‍රකට පුද්ගලයෝ වෙති.

    අමාත්‍ය සබ්රි මහතා මෙම ශිෂ්‍ය සංගමය ඇමතීම පිණිස මෑත ඉතිහාසය තුළ ඇරයුම් ලැබූ එකම ශ්‍රී ලාංකිකයා වෙයි.

    කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය ප්‍රජාව මෙන්ම ගෝලීය ආර්ථික පර්යාලෝක සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නන් මෙම දේශනයට සහභාගී වනු ඇතැයි අපේක්ෂිතය.

    පුළුල් පරාසයකට අයත් මාර්තෘකා සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විල්බර්ෆෝස් සමාජය, ලුසී කැවෙන්ඩිෂ් මුල්‍ය සමාජය සහ ශ්‍රී ලංකා ශිෂ්‍ය සමාජයද අමාත්‍ය අලි සබ්රි මහතාට ඇරයුම් කොට තිබේ. එම දේශන ජනවාරි 24 වැනිදා පැවැත්වීමට නියමිතය.

    ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරන විල්බර්ෆෝස් සමාජය සහ මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් සතු ලුසී කැවෙන්ඩිෂ් සමාජය ගෝලීය කරුණු සම්බන්ධයෙන් ගැඹුරු සාකච්ඡා පැවැත්වීම සඳහා අවස්ථා සපයයි.

    ශ්‍රී ලංකාවේ අත්දැකීම අවබෝධ කරගැනීමටත් අමාත්‍ය අලි සබ්රි මහතා සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය ප්‍රජාව අතර සංවාදයක් ගොඩනැඟීමටත් මෙම දේශන වැදගත් අවස්ථාවක් උදාකර දෙනු ඇතැයි අපේක්ෂිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya