ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    නිල්වල ව්‍යාපෘතිය හේතුවෙන් වගා හානි වූ ජනතාවට කඩිනමින් වන්දි ලබාදීමට අවධානය - කෘෂි ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

    ජනවාරි 23, 2024

    මාතර, නිල්වලා ව්‍යාපෘතිය නිසා වගා හානි සිදු වූ මාතර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට වන්දි ලබා දීම කඩිනම් කිරීම සම්න්ධයෙන් අවධානය යොමු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    වගා හානි සිදු වූ මාතර දිස්ත්‍රික් ජනතාවට වන්දි ලබා දීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙම අවස්ථාවේ අදහස් දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද මෙම ගොවීන්ට වන්දි ලබා දීම කඩිනම් කළ යුතු බව ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දැක් වූ කථානායකවරයා පැවසුවේ,

    කන්න 09ක් තිස්සේ අක්කර 12,500ක් වගා හානි සිදු වී තිබෙනවා. මිනිසුන්ට එක සත 05ක් හෝ ලැබී නැහැ.මේකට වන්දි දෙන්න මේ ගැන සොයන්න  කවුරුත් නැහැ. ලවණ බාධකය ආරක්ෂා කරන්න කියල තමයි කියන්නේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් සිදු වී තිබෙනවා ඊයේ දිනයේදීත් පවිත්‍රාදේවිවන්නි ආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්  රැස්වීක් පැවැත්වූණා. වන්දි ලබා දීමේ කටයුත්ත මේ වෙනුවෙන් කරන්න සිදු වෙනවා.

    වැඩිදුරටත් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ මෙම වන්දි ලබා දීම් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජල සම්පාදන මණ්ඩලය  විසින්  සිදු කළ යුතු බවයි. එහෙත් කථානායකවරයාගේ උපදෙස් පරිදි මේ සඳහා  අදාළ වන්දි ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය මැදිහත් වන බව හෙතෙම පැවසීය.

    මේ හේතුවෙන් විශාල හානියක් සිදු වී තිබෙනවා. නමුත් කෘෂිකර්ම අමාත්‍යංශය වශයෙන් වන්දි ලබා දිය හැකි වන්නේ ඊට අදාළ වන්දි ගෙවීමට පමණයි. කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා ගොවීන්ට අදාළ වන්දි මුදල් ලබා දෙනවා. නමුත් ජල සම්පාදන මණ්ඩලයෙන් මීට වඩා වැඩි වන්දියක් ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් සාකච්ඡා රාශියක් පැවැත් වුණා. රක්ෂණය කළ අයට වන්දි කොහොමත් ලැබෙනවා. නමුත්  අද කථානායකවරයා ලබා දුන් උපදෙස් අනුව ඉදිරියේදී සියලුම ගොවීන්ට  වන්දි ලබා දීම කටයුතු කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya