ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ විදුලි බිල්පත් නියමිත පරිදි ගෙවා තිබෙනවා

    ජනවාරි 23, 2024

    පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ විදුලි බිල්පත් නියමිත පරිදි ගෙවා ඇතැයි විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේක මහතා අද(23) පාර්ලිමේන්තුවේදී පැවසීය

    පාර්ලිමේන්තුවේ කෝටි 07ක විදුලි බිලක් ගෙවා නැතැයි  ඊයේ දින පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බවද හෙතෙම ප්‍රකාශ කළේය. එම පුවත පල කළ පුද්ගලයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවන්නැයිද විදුලි බල ඇමතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ විදුලිබල අමාත්‍යවරයා පැවසුවේ,

    පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති කාර්යාලයේ කිසිදු හිග මුදලක් නැහැ.සියලුම විදුලිබිල්පත් නියමිත පරිදි අඛණ්ඩව ගෙවා තිබෙනවා.පාර්ලිමේන්තුව විදුලි බිල ගෙවා නොමැති බවට ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවට අගෞරවයක් සිදු කර ඇති පුද්ගලයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya